hemantha-herath-speaks

උත්සවවලදී ඡායාරූප ගැනීම සඳහා මුව ආවරණය ඉවත් කිරීම හොඳ ක්‍රියාවක් නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසයි.



වතුර හෝ කෑම ගැනීම වැනි අත්‍යවශ්‍ය කටයුතු සඳහා හැර වෙනත් අවස්ථාවන් හිදී මුව ආවරණය ඉවත් කිරීම නොකළ යුතු බව ඔහු සඳහන් කරයි.විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් මෙසේ කීය.

“මංගල උත්සව සහ අනෙක් සාද පැවැත්වීම දැන් වැඩිවෙමින් පවතිනවා මෙහිදී උපරිම සීමාවක් සඳහන් කර තිබුණත් එයට ළඟා නොවී අවම සංඛ්‍යාවකින් මේ කටයුත්ත නිම කරන්න පුළුවන් නම් ඒක වැදගත්.

ඡායාරූප ශිල්පයේ යෙදෙන සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා ඡායාරූපය ගැනීම සඳහා මුව ආවරණය ඉවත් කරන්න කියන ඉල්ලීම කරන්න එපා. මොනම හේතුවක් නිසාවත් විනාඩි කිහිපයකට හෝ මුව ආවරණය ඉවත් කරන්න එපා.”