හදිසි රෝගාබාධවලට ලක්වන ගවයන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීමට, ගවයන් සඳහාම වෙන්වුණු විශේෂ ගිලන්රථ සේවයක් හඳුන්වාදීමට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය සහ ප්‍රාන්ත කෘෂිකර්ම අමතරංශය පියවර ගෙන ඇත. ගවයන් සඳහා වෙන් කළ විශේෂ ගිලන් රථ සේව පිළිබඳ දැනුවත් කරමින් පැවැති මාධ්‍ය හමුවේ දී, ප්‍රාන්ත කෘෂිකර්ම අමාත්‍ය ලක්ෂ්මි නාරායන් චෞදි පැහැදිලි කළේ ගිලන් රථ සේවය සඳහා 112 හදිසි අංකය ක්‍රියාත්මක වනු ඇති බවත්, පශු වෛද්‍යවරුන්ගෙන් සහ සහායකයන් සමන්විත ගිලන් රථ 515 ක් ගවයන්ට ප්‍රතිකාර කිරීමට සූදානමින් තබා ඇති බවත්ය. මාධ්‍ය හමුවට පැවැත්වූයේ මතුරා නුවරදීය.
රෝගී වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ගවයන් කඩිනමින් රෝහල් වෙත ගෙන යෑමට වෙනම ලොරි ෙසහ ට්‍රැක්ටර් සූදානම් කර ඇතැයි ද අමාත්‍යවරයා පැහැදිලි කර ඇත. 112 අංකය ඇමැතූ විට පශු වෛද්‍යවරයකු සහ සහායකයකු කඩිනමින් අදාළ ස්ථානයට පැමිණෙනු ඇතැයි ද මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය. ගිලන් රථ යැයි කී සැණින් සිහියට නැගෙන්නේ නළාව හඩවමින් එන වෑන් රථ වුවත්, ගවයන් සදහා වෙන් වුණු ගිලන් රථ සේවාවට යතුරු පැදි පවා භාවිත කරනු ඇතැයි අමාත්‍යවරයා පැහැදිලි කළේය. ඉන්දියානුවන් ගවයා දේවත්වයෙන් සලකයි. උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත වැසියෝ ගවයන්ට නිරන්තරයෙන් පුද පූජා පවත්වති. ඉන්දියානුවන් (විශේෂයෙන් උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ) ගව මස් ආහාරයට ගන්නේ නැත.
ගවයන් ඇති කරන්නේ කිරි සහ ගොම සඳහාය. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ හින්දු අන්තවාදීන් සහ මුස්ලිම්වරුන් අතර ගැටුම් වාර්තා වන්නේ ද ගවයන් මුල්කොට ගනිමිනි.
ගව මස් විකුණනවා යැයි චෝදනා ලබන මුස්ලිම් වැසියන්ට අන්තවාදී හින්දු වැසියන්ට කිසිදු සමාවක් නොලැබෙයි. ගවමස් ළඟ තබා ගන්නා සහ ඒවා විකුණන මුස්ලිම් වැසිටයන් පහර දී ඝාතනය කිරීමට පවා උත්තර ප්‍රදේශ හින්දුවරුන් පසුබට නොවන බව ද මාධ්‍ය වාර්තා පවසයි. උත්තර ප්‍රදේශ් මහ ඇමැති යෝගි අධිත්‍යනාත් ප්රමුඛ රජය ප්‍රාත්තයේ ගවයන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නංවා ඇත. නිදැලේ සිටින ගවයන්ට නවාතැන් ගැනීමට ගවයන් ගැවසෙන ප්‍රදේශවල තහඩුවලින් විශේෂ නවාතැන් පවා අවට ඇත.
0 Comments