india-cricket-t20

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේදී මෙතෙක් සහභාගී වූ තරග දෙකේදී පාකිස්තානය හමුවේ කඩුලු 10කින්ද. නවසීලන්තය හමුවේ කඩුලු 08කින්ද පරාජයට පත්ව සිටින ඉන්දියාව, හෙට (03) දා ඇෆ්ගනිස්තානය හමුවේද පරාජයට පත්වුවහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනු ඇත.  ඉන්දියාවට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නම් ඇෆ්ගනිස්තාන තරගය මෙන්ම, මෙම මස 05වැනිදා සහ 08 වැනිදා පැවැත්වෙන තරගවලදී පිළිවෙළින් ස්කොට්ලන්තය. සහ නැමීබියාව පරාජය කිරීමට සිදුවනු ඇත. එපමණක් නොව නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය තරග 02කට වැඩියෙන් පරාජය වන තෙක්ද ඉන්දියාවට බලා සිටීමට සිදුවනු ඇත.මෙතෙක් පැවති තරග දෙකේදී

ඉන්දියාව වෙනුවෙන් අර්ධ ශතකයක් (පාකිස්තානයට එරෙහිව 57) ලබාගැනීමට සමත් වූ එකම ක්‍රීඩකයා විරාට් කෝලිය. ඔහු හැරුණුකොට තරග දෙකෙන් එකකදී හෝ ලකුණු 30 සීමාව පසුකර යාමට සමත් වූයේ රිෂාබ් පාන්ට් (39) පමණි. අයි.පී.එල්. අත්දැකීම් බහුල ඉන්දීය පන්දු යවන්නන්ට එම තරග දෙකේදීම දවාගත හැකි වූයේ කඩුලු 02ක් පමණි.මෙතෙක් සහභාගී වූ තරගවලදී ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 05කින්ද, එංගලන්තය හමුවේ කඩුලු 08කින්ද, බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ ලකුණු 03කින්ද පරාජයට පත් වූ බංග්ලාදේශය අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබා තරගාවලියෙන් ඉවත් වූ පළමු කණ්ඩායම බවට පත් විය.පළමු කාණ්ඩයේ කණ්ඩායම් වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාවද, දෙවැනි කාණ්ඩයේ කණ්ඩායමක් වන ස්කොට්ලන්තයද තරග 02 බැගින් පරාජයට පව් තරගාවලියෙන් ඉවත් වීමේ අවදානමකට ලක්ව සිටිති. තවත් එක් තරගයක් හෝ පරාජයට පත්වුවහොත් ඉන්දියාවට මෙන්ම එම කණ්ඩායම් 03ටද තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනු ඇත.

(ශානුක අරවින්ද -සාජා සිට)