මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා නවසීලන්තය, පකිස්තානය, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලබාගෙන තිබේ.


නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවති තරගයෙන් නවසීලන්තය පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමග නවසීලන්තය අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගත්තේය.
මෙවර අවසන් පූර්ව වටයට යාම සඳහා අපේක්ෂාවෙන් කටයුතු කළ ඉන්දීය කණ්ඩායම තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට විසි වී ඇත.
සුපිරි 12 වටයේ අවසන් තරගය හෙට(8) පැවැත්වෙන්නේ ඉන්දියාව හා නැමීබියාව අතර වුවද
එම තරගයේ ප්‍රතිපලය තරගාවලියේ අවසන් පූර්ව වටයට අදාළ නොවනු ඇත.
පාකිස්තානය සහභාගී වූ තරග පහම ජයගත් අතර නවසීලන්තය එංගලන්තය හා ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලබා ඇත්තේ  තරග 5ක් ක්‍රීඩා කර ඉන් තරග 4ක් ජය ගනිමිනි.



තරගාවලියේ පළමු අවසන් පුර්ව තරගය එංගලන්තය හා නවසීලන්තය අතර එළඹෙන 10 වැනිදා අබුඩාබි හී දී පැවැත්වේ.
දෙවැනි අවසන් පූර්ව තරගය ඩුබායි හී දී එළඹෙන 11 වැනිදා පැවැත්වෙන්නේ පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතරයි. අවසන් මහා තරගය ලබන 14 වැනිදා ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.