kahatagasdigiliya-incident

ඊයේ (06) කහටගස්දිගිලිය කුරුක්කුරාගම ප්‍රදේශයේදී මත්කුඩු නවවැටළීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් එල්ල වීමේ සිදුවීමක් වාර්තාවේ.


ලද තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරී එම වැටලීම සිදු කර හොරොයින් ග්‍රෑම් 27ක් සමග 18 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර එම අවස්ථාවේ ඔහු අල්ලාගෙන යනවාට විරුද්ධ වූ එම ස්ථානයට පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන්ට පහරදී සැකකරු මුදාගැනීමට උත්සාහ දරා තිබේ.
පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙයි.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාවන් 06 දෙනෙකු ඒ අතර සිටී.
සැකකරුවන් සහ සැකකාරියන් අද (07) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.