kelaniya-chancellor-kollupitiye-mahinda-sangarakkitha

කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස කැළණිය රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේ පත්කර තිබේ.  ‘කැලණි ගඟේ නාගයා‘ සමබන්ධ ප්‍රවෘත්තිය ජනපතිවරණයට දිනකට පෙර පැවිසීම නිසා උන්වහන්සේ සමාජ මාධ්‍ය තුළ රැල්ලක්  ඇති කළහ. අදටත් අතිශය ජනප්‍රිය ‘විශාල ශබ්දයක් ඇසුනා‘ යන සැහැල්ල වහරට එක් කළේ උන් වහන්සේය.


කැලණිය සරසවිය විද්‍යාලංකාර පිරිවෙන ලෙස ආරම්භ කළ අවධියේ සිට රටේ පූජනීයත්වයට පත් ගෞරවනීය ස්වාමින් වහන්සේලා එහි කුලපති ධූරය දරා තිබුණි.
පණ්ඩිත සර්වභෞම රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමි (1887-1918),
පණ්ඩිත ශිරෝමිණි ලුණුපොකුනේ ශ්‍රී ධර්මානන්ද හිමි (1918-1945)
ආගම චක්‍රවර්තී කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර හිමි (1945-1959)
ඒ අය සමහරෙකි. අවසන් වරට
පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමි එහි කුලපති පදවිය දැරූ අතර මෑතක උන්වහන්සේ අපවත්වීමෙන් හිස්වූ කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයට මහින්ද සංඝරක්ඛිත හිමියන් පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම අද (05) දිනයේ සිදුකර ඇති අතර පසුගිය සතියේ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය සඳහාද දේශපාලන ප්‍රචාරණය වෙනුවෙන් කැපවූ හිමිනමක පත් කරන ලදි.
කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේට නව පත්වීම වෙනුවෙන් කැලණිය නියෝජනය කරන මැටි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සිය ෆේස්බුක් ගිණුමේ සුබපැතුම්ද එක්කර තිබුණි.