තවමත් ප්‍රතිකාර ලබමින් පසුවෙන රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අසාධ්‍යවී රෝහල්ගතවූ අවස්ථාවේ ඇතැම් යූටියුබ් නාලිකා ඔස්සේ ඔහු මියගිය බවට අසත්‍ය පුවත් පළ කර තිබූ අතර මෙම වරද ගැන කලාකරුවන් කිහිපදෙනෙකුම දොස් පවරා තිබුණි.
මේ අය අතර සරත් චන්ද්‍රසිරි මහතාගේ ළඟම හිතවතෙකු වන කුමාර තිරමාදුර රංගන ශිල්පියාද සිටී. ඔහු එලෙස යූටියුබ් නාලිකාවක එය සටහන් කර තිබූ හැටි පෙන්වමින් වීඩියෝවක් නිකුත් කර ‘යූ ටියුබ් කරන මල්ලිලාට‘ දොස් පවරා අවවාද කර සිටියේය.
‘මාත් එක්ක තරහ වෙන්න එපා. මේ මගේ ආදරණීය සහොදරයෙක්. එතුමා ටිකක් අසනීප වුනා. එහෙම අසනීප කාටත් වෙනවා. බුදු හාමුදුරුවනුත් අසනීප වුණා. අද යූටියුබ් කරන නංගිලා මල්ලිලා මං දන්නෑ. ඕගොල්ලො නිතරම කරන වරදක් මැරුණ කියල දානව දානවා. විව්ස් ගන්න සබ්ස්ක්‍රයිබ් කරගන්න ඒව කරන්න එපා. වෙන වැඩක් කරන්න.
මට කේන්තියට වචනයක් එනව නමුත් කියන්නෑ.මේ වගේ මැරුණ කියල දාන්න එපා.
මනෝරත්න මහත්තයා තුන්පාරක් මැරුවා ජයලාල් රෝහණ මහත්තයා මැරුවා ධර්මප්‍රිය ඩයස්ව මැරුවා. මාව මැරුවා මං බයිසිකලේක යන්නෙත් නැතිව හැප්පුණා කියලා..
අපි ඕගොල්ලන්ට ආදරය කරන කට්ටියනෙ. මැරුනෙ නැති මිනිස්සු මැරුණ කියල දාන්නෙ ඇයි. මට ලෝකෙන්ම කෝල්ස් එනව මේක ඇත්තද කියල අහලා..එහෙම කරන්න එපා. විජය ප්‍රේමකීර්තිත් ඔලුවට වෙඩි තියලා මේ රටේ මැරුවා. මැරිච්ච නැති මිනිස්සු මරන්න එපා. අපි රට සනසන කට්ටිය. රට වනසන කට්ටිය නෙමේ. යූටියුබ් චැනල් කරනව කියල ඔහොම කරන්න එපා. මාත් කරනව චැනල් ඒත් ඔය වගේ නෙමේ. කාටවත් හානියක් කරන්න එපා
බුදු සරණයි.
0 Comments