ඇය මෙසේ කීවාය
කාන්තාව කියන තැන නොසිට නීතිය අකුරටම ඉටුකරනවා
මම ස්ථානාධිපතිවරියක් ලෙස වැඩ බාර ගනිද්දී බොහෝදෙනෙකුගේ හිතේ චකිතයක් තිබුණ කාන්තාවක් විදිහට මේ රාජකාරිය ඉටු කරන්නේ කොහොමද කියල. මේක මට කොහොමත් ලොකු අභියෝගයක්. කාන්තාවක් කියලා තැන ඉන්නෙ නැතිව පොලිසියේ ස්ථානාධිපති තනතුරේ වැඩ කරද්දී වෙනස් විය යුතුයි. ඒ වෙනස ඒ අභියෝගය අද දවසේ මා බාර ගන්නව. ඒ වගේම මට හැකි උපරිම අයුරින් මගේ පොලිස් බල ප‍්‍රදේශය තුළ නීතිය හරි ආකාරයට ඉටු කරමින් ජනතාව පොලිසියෙන් බලාපොරොත්තු වෙන සේවය ඉෂ්ට කරනවා.
අලුතින් විවෘත වූ ගම්පහ, නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිනිය ලෙස ඇය පත්කර තිබෙන අතර කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස 1997 වසරේදී එක්වූ කාංචනා සමරකෝන් මහත්මිය හලාවත, වව්නියාව, ගම්පහ, මීරිගම, නිට්ටඹුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කොට්ඨාස ගණනාවක සේවය කර තිබෙයි.
සමරකෝන් මහත්මියගේ ස්වාමි පුරුෂයා ද ශ්‍රී ලංකා පොලීසියේ ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරයි. දෙදරු මවකද වන ඇය
හෙම්මාතගම ප්‍රදේශයේ උපන් තැනැත්තියකි. ඇය කෑගලු බාලිකා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.
මීට වසර 24කට පෙර එනම් 1997 වසරේදී යක්කලමුල්ල පොලිස් ස්ථානයේ කටයුතු කළ පද්මිණි මහත්මිය මෙරට ඉතිහාසයේ පළමු පොලිස් ස්ථානාධිපතිවරියයි.
Comments
Post a Comment
Your comment will be visible after approval