liquer-price-hike

වෙළෙඳපොළෙහි ඇතැම් සමාගම් නිෂ්පාදනය කරන මත්පැන්වල මිල ඉහළ දමා ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයින් අදහස් දක්වමින් සදහන්කර ඇත්තේ මිල ඉහළදැමීම ගැන කිසිදු දැනුවත්කිරීමක් නොකළ බව හා බලධාරීන් දැනුවත්ද යන්න සැක සහිත බවයි.


මේ ආකාරයට හිතුමනාපයේ මත්පැන් මිල ඉහළයාම නීතියට පටහැකි බැවින්  එසේ මිල දැමීමක් කර ඇත්තේද යන්න සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ එසේ කර නැති බවයි.
සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ඉහළ දමා ඇති මිල ගණන් සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවයි. මිලඉහළ දමා විකිණීම සම්බන්ධ පැමිණිලි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විමර්ශනය කරනු ඇත. කෙසේ වෙතත්
සමාගම්වල නිෂ්පාදන පිරිවැය ඉහළ ගියහොත් හෝ බදු මුදල් ඉහළ දැමුවහොත් පමණක් මිල වැඩිකිරීමේ අවස්ථාව ලබාදී ඇති බව ඔහු දන්වා ඇත.