ousl-llb-exam-papers-leak-examination-department-commences-investigation

LLB ප්‍රවේශ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (OUSL) අද (16) නිවේදනයක් නිකුත් කළේය.


එම විභාග ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට මාධ්‍ය වාර්තා පළවී ඇති අතර OUSL ආයතනය මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවෙන් විමසා පූර්ණ පරික්ෂණයක් ආරම්භ කරන්නට උපදෙස් දුන් බව නිවේදනයේ දැක්වේ.
විශ්වවිද්‍යාලය පැවසුවේ

විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ සහ විභාගය පැවැත්වීමේ පූර්ණ බලතල ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවට නිසා එසේ කළ බවයි.
එම විභාගයේ ඉංග්‍රීසි, දෙමළ සහ බුද්ධි ප්‍රශ්න පත්‍ර පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් පිටවී ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් ඊයේ (15) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඔහු අධිකරණ සහ අධ්‍යාපන අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මෙම ප්‍රතිචාර ලැබී තිබේ.