lokuge-contacts

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කොරෝනා රෝගය වැළඳීම නිසා මේ වනවිට රෝහල් ගතවී ඇත. 22 වැනි දින ඔහුට කළ පීසීආර් පරීක්ෂාවේදී රෝගය තහවුරු විය.


රෝගය වැළඳෙන්නට ආසන්න කාලයේ ආශ්‍රිතයින් ගැන විමසීමේදී දින 4 කට පෙර පසුගිය 18 වනදා අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග ලොකුගේ මහතාත් ඔහුගේ විදුලිබල මණ්ඩල නිලධාරීනුත් එක්ව විශේෂ උත්සවයක් පැවැත්වූ අතර ලක්ෂපාන බ්‍රොඩ්ලන්ඩ්ස් උමං මාර්ගයට ජලය පිරවීමේ කටයුත්ත ඔන්ලයින් ඇප් එකක් ස්පර්ශ කරමින් සිදුකිරීම එහිදී සිදුවිය.



අගමැති වරයාට එම ඇප් එක විවර කර ටැබ් එකපිරිනමන ලද්දේ ලොකුගේ ඇමතිවරයා වන අතර එම උත්සවය අතරතුර අගමැතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් කේක් එකක්ද කපන ලදි. එදින සඳහිරු සෑයේ උත්සවයටද ලොකුගේ අගමැතිවරයා සහභාගී වූ අතර මැතිඇමතිවරු ගණනාවක් ඔහු සමග සමීපව සිටි බව වාර්තා විය.