maharagama-school-covid19

පසුගිය සතියේ පාසල් විවෘත කිරීමෙන් පසු මහරගම බාලිකා පාසලක 1 වන ශ්‍රේණියේ සිසුදැරියකට කොරෝනා ආසාදනය වීම හේතු කොට එම පන්තිය වසා දමන්නට බලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තා විය.


ඊයේ (02) පාසලේ ගුරුතුමිය වෙත දැරියගේ දෙමාපියන් දන්වා ඇත්තේ දැරියට කොරෝනා ආසාදනය හේතුවෙන් පාසල් එවන්නේ නැති බවයි.
මෙම ආරංචිය ලැබුණ පසුව 36 දෙනෙකුගෙන් යුත් පන්තියේ අනෙක් දැරියන්ගේ දෙමාපියන් වෙත ගුරුතුමිය කතාකර පවතින අවදානම නිසා පන්තිය නවත්වන බව දන්වා ඇත.

ඒ වනවිට රොගී දැරිය දින 03 ක් මෙකී පන්තියට සහභාගී වීඇති අතර පන්තියේ 18 දෙනා බැගින් දින 2 කදී ගෙන්වා උගැන්මට පැවති සැලසුම නිසා අවදානම මතුව ඇත්තේ අනෙක් 17 දෙනාටය.
අධය්‍යාපන අමාතයංශ චක්‍ර ලේඛනය ප්‍රකාරව පාසලම වසාදමන්නට කටයුතු නොකර අදාළ පන්තිය පමණක් වසා දමා ඇත. පන්තිභාර ගුරුවරියට පීසීආර් පරීක්ෂණයක් සිදු කර ඇත.

මේ ආකාරයට සිසුදරුවන්ට හා විදුහල්පතිවරුන්ට කොරෝන ලක්ෂණ පහළවීම නිසා පසුගිය දිනවල අනුරාධපුර පාසල් කිහිපයක පන්තිද නවතන ලදි.