mahinda-mother-memory
රාජපක්ෂ පවුලේ උතුම් මැණියන් ලෙස ගෞරවයට පාත්‍රවන ඩී.ඒ රාජපක්ෂ මැතිතුමාගේ ආදරණීය බිරිඳ දෝන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනිය සිහිපත් කරන “උත්තම මාතා ගුණ සමරු පූජා-2021” ඇඹිලිපිටිය ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කේන්ද්‍රයේ දී ඊයේ (02) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  සහභාගීත්වයෙන් පැවැත්විණි.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය මෙහි දී දෝන දන්දිනා සමරසිංහ දිසානායක මෑණියන්ගේ ඡායාරූපයට පළමුව මල් මාලාවක් පැළඳුවාය. අනතුරුව ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මල් මාලාවක් පළඳවමින් දෝන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනියගේ ගුණ සිහි කළාය.
අමාත්‍ය චමල් රාජපක්ෂ, ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ සහ ජානක වක්කුඹුර මහත්වරු ද මෙහි දී පුෂ්පෝපහාර දැක්වූහ. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහාන් සමරනායක මහතා දෙසුමක් පැවැත්වීය.