mahinda-rajapaksa-birthday

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 76 වැනි ජන්ම දිනය අදට (18 දා) යෙදී තිබේ.
1945 වසරේ නොවැම්බර් මස 18වැනිදා  වීරකැටියේ හි උපත ලද පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ශ්‍රී ලංකාවෙහි හයවන ජනාධිපතිවරයා සහ වත්මන් අග්‍රාමාත්‍යවරයා අද දිනට සිය හැත්තෑ හයවන ජන්ම දිනය සමරයි.



1970 වසරෙහි පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු මේ දක්වා අඛණ්ඩව වසර 51 ක් එහි රැඳී සිටී.
2005 හා 2010 ජනාධිපතිවරණ ජයගැනීමට සමත්වූ ඔහු වඩාත් ආකර්ෂණීය නායකයෙකු බවට පත්වූයේ 30 වසරකට වැඩි කාලයක් පැවති යුද්ධය හමාර කරන්නට 2008-2009 කාලයේ යුද්ධය මෙහෙයවූ නිසාය.
අගමැති රාජපක්ෂගේ අනුහසින් ඔහුගේ පවුලේ අයද දේශපාලකයින් බවට පත්වූ අතර මේ වනවිට ලංකාවේ සංවිධානාත්මක ‘බල කණ්ඩායම‘ බවට රාජපක්ෂ පවුල පත්ව ඇත.
ගාල්ල රිච්මන්ඩ් කොළඹ නාලන්ද කොළඹ තර්ස්ටන් විද්‍යාලවල අධ්‍යාපනය හදාරා ඇති අගමැතිවරයා
විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙහි පුස්තකාල සහකාරවරයෙක් ලෙසින් සේවය කරද්දී 1967 වසරෙහිදී ඔහුගේ පියා ඩීඒ රාජපක්ෂගේ මරණයෙන් පසුව, බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය සඳහා ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙසින් කටයුතු භාර ගත්තේය. සිරිමාවෝ මැතිණිය දන්දින්නා රාජපක්ෂ මැතිනිය අමතාකළ ආරාධනය  අනුව මෙය සිදුවූ අතර වයස අවුරුදු 24 දී ළාබාලම මන්ත්‍රීවරයා ලෙසින් 1970 වසරෙහිදී තේරී පත් විය.
පසුව මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාදයක් ලෙස  ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්වීමේ වරම ඔහුට ලැබුණි. නීතිය හැදෑරූ ඔහු, 1977 නොවැම්බර් මාසයෙහිදී නීතිඥයෙකු ලෙසින්ද දිවුරුම් දුන්නේය.


ශ්‍රී ලංකාවේ දෙවරක් ජනපති පදවියට පත්වූ මහින්ද රාජපක්ෂ 18 වන සංශෝධනය සම්මතවීමෙන් පසු තෙවැනි වතාවට තරග කරන්නට අවස්තාව උදාකරගත් නමුත් 2015දී පරාජය වූ අතර අනතුරුව 2018 ඔක්තෝබර් මස මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනපතිගේ ආරාධනයෙන් දින 52 කට අගමැතිවරයා ලෙස කටයුතු කළ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් පසු එම තනතුරින් ඉවත් විය.
2020 පැවති ජනපතිවරණයට ඔහුට යළි ජනපති ලෙස තරග කරන්නට බැරිව ගියේ 19 වන සංශෝධනයෙන් තෙවැනි අවස්ථාව වළකා තිබූ බැවිණි. ඒ නිසා සිය සොයුරා ඒ වෙනුවෙන් ඉදිරිපත්වූ අතර සොයුරු ගෝඨාභය ජනපති ලෙස තේරී පත්වූ පසු මහින්ද අගමැති ලෙස දිවුරුම්දුන්නේය. අනතුරුව මහමැතිවරණයේදී වැඩි ඡන්දගණනකින් ජය ලබා නැවත පාර්ලිමේන්තුවටද තේරී පත්ව අගමැති ලෙස දිවුරුම්දුන්නේය.