රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනය කිරීමට අද (24) සිට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මීට අදාළව 2021 අප්‍රේල් මාසයේ 26 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය අද (24) දිනයේ සිට ඉවත් කිරීමට ඊයේ දිනයේ තීරණය කළ බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරයි.
කෙසේ වෙතත් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වන රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,
"අප කවුරුත් 2021 අප්‍රේල් 26 වනදා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා හරිත කෘෂිකර්මාන්තයක් කරා යොමු කිරීමට ඒ අනුව එම කැබිනට් තීන්දුවට අනුව රසායනික පොහොර ඒ වාගේම පළිබෝධනාශක ඒ වාගේම දිලීරනාශක සහ වල්නාශක සම්පුර්ණයෙන් ආනයනය තහනම් කිරීම සඳහා ගැසට් පත්‍රයක් ඒ සමගම නිකුත් කළා.
අද වෙනකොට පුරා මාස 7කට දින දෙකක් අඩුයි මේ වෙනකොට මේ තීන්දුව අරගෙන. ඒ සියලු අභියෝග හමුවේ මේ පරිසර හිතකාමි කෘෂිකර්මයට ගොවීන් මේ මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 8ක් තිබුණත් අද වෙන කොට 650,000ක් ගොවිබිමේ වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා. නමුත් ජනතාවට සංවේදි ආණ්ඩුවක් හැටියට අපි ඊයේ තීන්දු කළා අප්‍රේල් මාසේ 26 වනදා ගැසට් කරන ලද අද දින සිට ඉවත්කර ගත්තා. ඒ අනුව අද දින සිට රසායනික පොහොර, පළිබෝධනාශක වලට අවස්ථාව ලැබෙනවා.
හැබැයි රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ. පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කරලා විකුණන්න අවස්ථාව ලැබෙනවා."
0 Comments