කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ ඇති බව වාර්තා විය.



ඉන්දියාවෙන් ආනයනය කරන ලද නැනෝ නයිට්‍රජන් පොහොර තොගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් එල්ල කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇමති මහින්දානන්ද කියා සිටියේ චම්පික මන්ත්‍රීවරයා නැනෝ නයිට්‍රජන් වෙනුවෙට නැනෝ යූරියා පොහොර පටලවා ගනිමින් වැරදි ප්‍රකාශ නිකුත් කර ඇති බවයි.
චම්පික මන්ත්‍රීවරයා චෝදනාවක් කරමින් ඇමති ශෂීන්ද්‍ර හා තමාට මෙම ගනුදෙනුවෙන් බිලියන 8ක් කොමිෂන් ලැබෙන බව පවසා ඇතැයිද එය ගැන සොයා බලන ලෙස තමා සීඅයිඩී යන බවද ඇමතිවරයා කීය.
ඊයේම ඊට පිළිතුරක් දුන් චම්පික රණවක මන්ත්‍රීවරයා අදාළ වෙබ් අඩවියේ සඳහන් ආකාරයට නැනෝ නයිට්‍රජන් කතාවක්නැති බවත් නැනෝ යූරියා යන්න පමණක් ඇති බවත් සීඅයිඩීයට ගිහින් කැමති දෙයක් කියාගන්න ලෙසත් දන්වා සිටි අතර තමාගේ චෝදනාව නිවැරදි බව කීය.

චම්පික රණවකගේ පැහැදිලි කිරීම පහතින්