mannar-dead-body

මන්නාරම නගරයට පිවිසෙන ප්‍රධාන පාලම අසල කලපුවේ තිබී ඊයේ (නොවැ. 13) වයස අවුරුදු 23ක
තරුණිකගේ මළ සිරුරක් සොයාගත් බව මන්නාරම පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ, යාපනය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් එලෙස මන්නාරම
පාලම අසල තිබී සොයාගත් බවය.



අදාළ තරුණිය මන්නාරම ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවය කර ඇති අතර පසුගිය 11 වන දා තරුණයෙකු සමග  මන්නාරම බස් නැවතුම්පොළ හරහා ගමන් කරන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන පොලිසිය වෙත ලැබී ඇති බව ද පොලිසිය පැවසී ය.

ඒ අනුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, තරුණිය ආදර සම්බන්ධතාවයක් පැවැත් වූ යාපනය ප්‍රදේශයේ තරුණයෙකු සමග 11 වන දා මන්නාරම නගරය වෙත පැමිණ ඇති අතර ඇය එදින නිවාඩු ලබාගෙන තරුණයා සමග මන්නාරම බස් නැවතුම්පොළ හරහා ගමන් කර ඇති බවය.



එහිදී ඇති වූ ගැටලුවක් හේතුවෙන් තරුණයා නැවත යාපනයට ගොස් ඇති බව ත් තරුණිය අනතුරුව සියදිවි නසාගෙන ඇති බව ත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පැවසී ය.

තරුණියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මන්නාරම රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

එන්. ප්‍රියදර්ශනී - වවුනියාව