රෝහල්වල සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට අදාළව විධිමත් රාජකාරි ලැයිස්තුවක් සකස් කර ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීම හේතුවෙන් බොහෝ රෝහල්වල සුතිකාගාරවල සේවය කරන හෙද නිලධාරිනියන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අතර ගැටලු නිර්මාණය වෙමින් තිබෙන බව
සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය සඳහන් කරයි. රාජකාරි ඉටු කිරීමට යෑමේදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් සිදු කරනු ලබන රාජකාරී හෙද නිලධාරීනියන් විසින් සිදු කිරීමට යාම හේතුවෙන් මේ ආකාරයට ගැටුම් නිර්මාණය වී තිබෙන බවත්,
පවතින තත්වය සැලකිල්ලට ගෙන රෝහල්වල සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට රාජකාරී ලැයිස්තුවක් සකස් කරන ලෙස සෞඛ්‍ය බලධාරින්ගෙන් අඛණ්ඩව ඉල්ලා සිටියද, මෙතෙක් එම ඉල්ලීමට ප්‍රතිචාර ලැබී නොමැති බවත් එම සංගමයේ සභාපතිනී දීප්ති ජයතුංග මහත්මිය සඳහන් කළාය.පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ගැබිනි මවුවරුන් සම්බන්ධයෙන් හා දරු ප්‍රසුතිය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබා තිබෙන බවත්, මේ හේතුවෙන් රෝහල්වල සුතිකාගාරවල කටයුතු පිළිබඳ මනා පුහුණුවක්ද ලබා තිබෙන බවත්
පැවසූ සභාපතිවරිය,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට රෝහල් තුළ වෙනත් කිසිදු ස්ථානයක සේවය කිරීමට නොහැකි බවද පවසා සිටියාය.ම
ේ හේතුවෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන්ට අදාළල රාජකාරි කටයුතු නිසි ලෙස සිදුකළ හැකි ආකාරයට වර්තමානයට ගැළපෙන රාජකාරී ලැයිස්තුවක් කඩිනමින් සකස් කළ යුතු බවද ඇය සඳහන් කළාය.අසූව දශකයේ රාජකාරි ලැයිස්තුවක් සකස් කර තිබුණද, වර්තමානයේදී එය ක්‍රියාත්මක නොවන බවත්,එබැවින් රාජකාරී බෙදා ගැනීම පිළිබඳ ගැටලුවක් නිර්මාණය වී තිබෙන බවත් සභාපතිවරු පැවසුවාය.
(ඉන්දික හේවාවිතාරණ)
0 Comments