පසුගිය 2021 නොවැම් බර් මස හිල්ටන් හෝටලයේ පැවති ‘2021 මිස් ශ්‍රී ලංකා‘ රූ රැජින තරගාවලියේ කිරුළ ජයග්‍රහණය කළේ අවුරුදු දහ අටක් වන එංගලන්ත සම්භවයක් සහිත ශ්‍රී ලාංකික යුවතියකි. ඇය ෂාඩේ ග්‍රීන්වුඩ්ය(Sadé Greenwood). ඇගේ මව ගුවන් සේවිකාවකවූ සමන්තා ගෝමස් වන අතර  ෂාඩේගේ පියා බ්‍රිතාන්‍ය සහ ජර්මානු සම්භවයක් සහිත අයෙකි.


කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වූ සියත මිස් ශ්‍රී ලංකා තරගය ජයගත් නිසා ඇයට පෙටෝ රිකා හි පැවැත්වෙන ‘2021 ලෝක රූ රැජින තරගාවලිය‘ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට අවස්ථාව හිමිවිය.
වයස අවුරුදු දාහතරේ සිට නිරූපණ ක්ෂේත්‍රයේ නියැළුන බව කියන ෂාඩේ ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිය හදාරමින් සිටින්නියකි.
තමන්ට ඉඩක් ලැබුණු ඕනෑම වේලාවක සත්ත්ව අයිතීන් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක ස්වේච්ඡා සේවයේ යෙදීම විනෝදාංශය වන බව ඇය කියා තිබේ.