මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි ඉන්දුනීසියානු ජාතිකයකු කිසියම් පිරිසක් විසින් 14 දා අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක් අසලදී පැහැර ගෙන ගොස් ඇති බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
පැහැර ගැනීමට ලක්වූ ඉන්දුනීසියානු ජාතිකයාගේ බිරිඳ වන ඉන්දුනීසියානු ජාතික ඉන්ඩා ඔක්ටවියා මහත්මිය මේ බව කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කළාය. මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ අමීර් ෂාහිඩ් නමැත්තෙකි.
වැගන් ආර් වර්ගයේ වෑන් රථයකින් ආ කිසියම් පිරිසක් තම සැමියා පැහැරගෙන ගොස් ඇති බව ඔහුගේ බිරිඳ පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි ද ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. කොල්ලුපිටිය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් මෙම ඉන්දුනීසියානු ජාතිකයා සොයා ගැනීමට සහ ඔහු පැහැර ගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වයි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
0 Comments