කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් පත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විරෝධය පළ කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කරුණු පහකින් යුත් ලිපියක් යවමින් එම සංගමය සඳහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලය මෙරට විශ්වවිද්‍යාල අතරින් ඉහළම ස්ථානයක් හිමිකරගෙන ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ පළමු විශ්වවිද්‍යාලය වීම ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ මුදුන් මල්කඩ ලෙස සලකන බවයි.



ඒ නිසා මෙවැනි විශ්වවිද්‍යාලයක කුලපතිවරයා මෙම කීර්තිමත් ආයතනයේ අධ්‍යයන දස්කම් පිළිබිඹු කළ යුතු බවත් එම තනතුර දැරීමට අවශ්‍ය අධ්‍යයන පසුබිම පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමියන්ට නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමියන්ගේ පත්වීම සම්බන්ධයෙන් ගත් තීරණය යළි සලකා බලා සුදුසු වෙනත් අමාත්‍ය ධුරයකට පත් කරන ලෙස එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.