කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය භාර ගැනීමට තමන්ට සුදුසුකමක් නැති බවත් එය ලබාදුන් හේතුව ජනපතිගෙන්ම විමසිය යුතු බවත් ස්වාධීන රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ පැවසූහ.
මෙම තනතුර ගත්තා කියා තමාගේ  එක්සත් හෙද සංගමයේ වෘත්තීය සමිති වැඩ නතර නොකරන බවත් මෙම තනතුරේදී කරන්න ඒතරම් වැඩක්නැති බවත් කරන්න ඇති එකම දෙය උපාධී ප්‍රදානෝත්සවයට යාම පමණක් බව තමා අසාගත් බවත් ඒ නිසා නිදහස තිබෙන බවත් උන් වහන්සේ දන්වා සිටියහ.


එහිදී එම කරුණු පැහැදිලි කළේ මෙසේය.

‘ඇත්තටම මට මේ තනතුර ගන්න සුදුසුකමක් නැහැ.
සුදුසුකමක් තියන නිසානෙ ජනාධිපතිතුමා ඒක පත්කරන්න ඇත්තෙ..ජනාධිපතිතුමා නිකංම මේ මේව කරා නෙමේනෙ. සුදුසුකමක් නැතිනම් දෙයිද.. ඒක එතුමගෙන් අහන්න ඕන මගෙන් නෙමේ.
මට හිතෙන් නැහැ ඒත් මෙක මට නුසුදුසුයි කියල.. එහෙම නුසුදුසුකමක් මට පේන්නෙත් නැහැ.




රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් ඉවත්වෙන්න ඕන නෑනෙ..
මම කලින්ම කිව්වෙ.. මං අපේ සම්පත් අමරතුංග මහත්මයට විශ්ව විද්‍යාල කොමිෂන් සභාවෙ සභාපති මහත්තයට කිව්වෙ මගෙ නිදහස අවශ්‍යයි ඒක මං පාවා දෙන්න  සූදානම් නෑ.
මෙතන තියෙන්නෙ ලොකු වැඩක් නෙමෙයි උපාධී ප්‍රදාන උත්සවයට යාම පමණයි කරන්න තියෙන්නෙ..
වර්ජනයක් කරා කියල කුලපතිධූරයට අගෞරවයක් නැහැ.අපි කරන්නෙ වර්ජනය අඩු කරන එක.
මං හිතන් නැහැ ඔයවැනි ප්‍රශ්නයක් මතුවෙන්නෙත් නැහැ. මතුවෙන්න අවස්ථාවක් නැහැ.‘