covid19-government
නිරෝධායනය හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධි විධාන ප්‍රකාරව ,කොවිඩ් – 19 සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයක් ඇතුළත හෝ ඉන් පිටත ඒකරාශීවීමක් , ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා


 සමස්ත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නිසි බලධාරියා ලෙස නම් කරමින් සෞඛ්‍ය ඇමතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට්ටුව හරහා ඉදිරියේදී පොදු ස්ථාන වලට ඒක රාශිවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමේ නියමය බලගන්වන්නට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයාට බලයක් ලැබෙනු ඇත.
 ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පසුගියදා පාර්ලිමේන්තුවේදී දන්වා සිටියේ පොදු ස්ථාන වලට ඒක රාශිවීමේදී එන්නත්ලබානොගත් අයට ඇතුළුවීම සීමා කිරීමේ නීති ළඟදීම ගෙන එන බවයි.