new-variant-of-covid-19-delta-strain-detected-in-norway

නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසයේ ඩෙල්ටා ප්‍රත්වය යටතට ගැනෙන තවත් නව ප්‍රභේදයක් නෝවේ රාජ්‍යයෙන් හමුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මෙම ප්‍රභේදය AY.63 ලෙස නම් කර ඇති අතර, 


මෙය ප්‍රථම වරට නෝර්වේහිදී හමුවී ඇතැයි යන්න සඳහන් කෙරේ තිබේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන සෞඛ්‍ය පිළිබද නෝර්වීජියානු ආයතනය (NIPH) හි ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වත කැරොලින් බ්‍රැග්ස්ටැඩ්. "ඩෙල්ටා ප්‍රභේසයේ මේ නව ප්‍රභේදය එන්නත්වලට එරෙහිව ක්‍රියා කරනවාද කියන දේ ගැන අපිට තාම දත්ත නැහැ. ඒ නිසා ඒ ගැන එතරම් බියට පත්විය යුතු කාරණා තවමත් නැහැ.” යනුවෙන් පවසා තිබේ.
මෙම ආයතනය සදහන් කරන ආකාරයට නෝර්වේ රාජ්‍යය තුළ ප්‍රථම වරට මෙම සංස්කරණයේ ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව වාර්තා වී ඇත්තේ පසුගිය ජූනි මාසයේ අගභාගයේදීය.

අනතුරුව එය රට පුරාම ව්‍යාප්ත වී තිබේ. කෙසේ වෙතත් එය දැනට පවතින සාමාන්‍ය ඩෙල්ටා ප්‍රභේදයට වඩා භයානක නොවන බව විශේෂඥයන්ගේ අදහස වී තිබේ. එසේම දැනට පවතින එන්නන්වල කාර්යක්ෂමතාවට එමගින් බලපෑමක් එල්ල නොවන බවත් ඔවුන්ගේ උපකල්පනය වී ඇත.-