newzealand-victory-england-loss

අද (10) අබුඩාබි ක්‍රීඩාංගණයේ පැවති ලෝක කුසලාන විස්සයි20 තරගාවලියේ අර්ධ අවසන් තරගයේදී ප්‍රබල එංගලන්ත පිල පරදා අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්තය සමත් විය.




කාසියේ වාසිය දිනූ නවසීන්තය මුලින් පන්දු රැකීම තෝරාගත් අතර මුල් ඉනිමේදී එංගලන්ත පිල කඩුළු 4 කට ලකුණු 166 ක් ලබාගන්නා ලදි. මොයින් නොදැවී 51 වැඩිම ලකුණු ගන්නා ලදි.
පිළිතුරු ඉනිමේදී නවසීලන්තය අවශ්‍ය ලකුණු ගණන සම්පූර්ණ කළේ 19 ඕවරය අවසන් වනවිට කඩුළු 5 ක් පමණක් දැවී යමිනි. පන්දු 47 කදී ලකුණු 72 ක් ලබමින් ඩැරිල් මිචෙල් නොදැවී ක්‍රීඩා කළ විලාසය තරගයේ ජයග්‍රහණයට බෙහෙවින් ඉවහල් විය. ඔහු හතරේ පහර 4 ක් හා හයේ පහර 4 ක් සිය ඉනිමට එක් කර තිබුණි.
ඒ අනුව නවසීලන්තයට පහසු ජයක් අත්විය. බොහෝ ඔට්ටුකරුවන් මෙවර ලෝකකුසලානය ජයගන්නා කණ්ඩායම ලෙසද එංගලන්තය නම් කර තිබූ නමුත් අවසන් වටයෙන්ද විසිවිය.

හෙට පැවැත්වෙන අනෙක් අර්ධ අවසන් තරගයට පකිස්තානය හා ඕස්ට්‍රෙලියාව තරග වදිනු ඇත.