පන්නිපිටිය - කොට්ටාව ප්‍රදේශයේ නිවසක අද(25) අලුයම පිපිරීමක් වාර්තා වී තිබෙයි.
ගෑස් සිලින්ඩරයක කාන්දුවක් නිසා මෙම පිපිරුම සිදුව ඇති බවට සැක කෙරේ. පිපිරීමෙන් නිවසට දැඩි හානි සිදුව තිබෙන නමුත් නිවසේ සිටි කිසිවකුට තුවාල සිදුවී නොමැත. එම අවස්ථාවේ විශාල ශබ්දයක් අවට අයට ඇසුණ බව පොලිසිය පවසයි.
“අලුයම 04 ට පමණ විශාල ශබ්දයක් ආවා. අපට වහාම පිටතට යාමට බය හිතුනා, අපි විනාඩි කිහිපයකට පසුව කාමරයේ දොර විවෘත කර බලද්දී තේරුණා ගෑස් සිලින්ඩරය ගාව පිපිරිලා ඒකෙන් සද්දයක් ආවෙ කියලා. වහලයේ කැබලි බිම විසිරී තිබුණා.
පිපිරුම සිදුවන වෙලාවෙ එතැන කිසිවකු අවදිව සිට නොතිබීම ගැන අපි දෙයියන්ට ස්තුතිවන්ත වෙනවා”
යැයි නිවසේ සිටි කාන්තාවක පැහැදිලි කළාය.
ගෑස් සිලින්ඩර් හේතුවෙන් පිපිරීම් ගණනාවක් මේ මාසයේ පමණක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.නොවැම්බර් 04 වැනිදා වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ ආපන ශාලාවක ගෑස් පිපිරීමක්ද නොවැම්බර් 16 වැනිදා රත්නපුර ප්‍රදේශයේ අවන්හලක පිපිරීමක්ද නොවැම්බර් 20 වැනි දින කොළඹ තුරඟ තරග පිටියේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක ගෑස් පිපිරීමක්ද වාර්තා විය.
Comments
Post a Comment
Your comment will be visible after approval