ලබන ජනවාරි මාසයේ සිට සිදුකෙරෙන රථවාහන වැරදිවලට අදාළ දඩ මුදල් වරද සිදුවූ ස්ථානයේදීම
ගෙවීමට හැකි වන පරිදි රථ වාහන නීති අණපනත් හා තාක්ෂණික ක්‍රමවේදයන් සකස් කිරීමට අධිකරණ අමාත්‍යාංශය හා ප්‍රවාහන අමාත්‍යාංශය  පියවර ගෙන තිබේ.



වරද සිදුවූ ස්ථානයේදීම දඩ මුදල් ගෙවීම “ඔන් ලයින්” (Online) තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙන අතර
ඒ සඳහා නවීන තාක්ෂණයද යොදා ගැනීමට නියමිතය.

රථවාහන වැරදි සිදු කරන පුද්ගලයන්ට දඩ මුදල් ගෙවීමේදී ඇතිවන අපහසුතාවන් මඟහැරවීම මෙම
වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වී ඇත.

වරද සිදුවූ  ස්ථානයන්හිදී දඩ මුදල් ගෙවීමට හැකියාවක් නැති රියැදුරන්ට අධිකරණ, තැපැල් කාර්යාල,
වැනි හදුන්වාදී ඇති වෙනත් ස්ථාන වෙත දඩ මුදල් ගෙවීමටද හැකියාව තිබේ.

දඩ මුදල් ගෙවීමේදී දැනට පවතින ක්‍රමවේදයන් අධ්‍යයනය කර මෙම නව වැඩපිළිවෙළ සකස් කිරීමට
නියමිත අතර ඊට අදාළ තාක්ෂණික ක්‍රමවේදයන්ද යොදා ගැනීමට පියවර ගෙන ඇත.

මෙම වැඩපිළිවෙළ සකස් කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාගේ
ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක්ද පිහිටුවා ඇති අතර එම නිර්දේශ සැලකිල්ලට ගෙන මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.



අලි සබ්‍රි, නාමල් රාජපක්‍ෂ, ආචාර්ය සරත් වීරසේකර, පවිත්‍රා වන්නිආරච්චි යන අමාත්‍යවරුන්ගේ
ප්‍රධානත්වයෙන් ඊයේ (16දා) අධිකරණ අමාත්‍යාංශයේ පැවැති  සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඕෂධ සේනානායක, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ත පීරිස් හා ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු ආයතන රැසක නියෝජිතයන් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වී තිබේ.