අධික වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත. තවත් කිහිපදෙනෙකු අතුරුදහන්වී ඇති බව වාර්තා වෙයි.



රඹුක්කන, දහම්බැද්ද ප්‍රදේශයේ නිවසක් නාය යෑමට හසුවීමෙන් පසු පරීක්ෂා කර බැලීමේදී  මළ සිරුරු හමුවී ඇත.

අලුත්ම වාර්තා අනුව පස්කන්දට යටවී 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.  එකම පවුලේ මව, දියණිය සහ ඥාති දියණියක් මියගොස් තිබෙන අතර මිය ගිය මවගේ වයස අවුරුදු 36ක් ඇගේ දියණියට අවුරුදු 08 ක් සහ රාජාංගණයේ සිට පැමිණි ඥාති දියණියක 13 හැවිරිදි වියේ පසුවිය.
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. බරපතළ තුවාල ලැබූ පියාගේ වයස අවුරුදු 40ක් බවයි.



පස් කන්ද කඩා වැටීමෙන් පුද්ගලයින් රැසක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මූලික තොරතුරුවලට අනුව පුද්ගලයන් 4 දෙනෙකු අතුරුදන්ව ඇති නමුත්,  සංඛ්‍යාව නිශ්චිතව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. අධික වර්ෂාපතනයත් සමඟ මෙම නායයාම සිදුවී ඇත.සොයා ගන්නා ලද සිරුරු දෙකක් රඹුක්කන මහ රෝහලට රැගෙන ගොස් තිබේ.මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේය