rathana-thera-supreme-court

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සහ පක්ෂ සාමාජිකත්වය යළි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙයි.



තමන්ව පක්ෂ සාමාජිකත්වයෙන් සහ මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට අපේ ජනබල පක්ෂය ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියි.

පක්ෂ විනය කඩ කළ බවට චෝදනා කරමින් රතන හිමියන් පක්ෂයෙන් ඉවත් කිරීමට අපේ ජනබල පක්ෂය තීරණය කළේය. උන්වහන්සේ තවදුරටත් පක්‍ෂයේ සාමාජිකයෙකු නොවන බැවින් උන්වහන්සේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙසද එම පක්ෂය ජාතික මැතිවරණ කොමිසමට සහ පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී තිබුණි.

රතන හිමියන්ගේ අදහස වී ඇත්තේ තමන් නෙරපා හැරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට හෝ විනය කමිටුවට බලයක් නොමැති බවයි.