rice-price-down-bandula

ඉදිරි සති දෙක ඇතුළත සහල් කිලෝවක් රුපියල් සියයකට අඩු මුදලකට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට හැකිවනු ඇති බව අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කළේය.



ආනයනික පළමු නාඩු සහල් තොගය මේ වනවිට ලංකාව පුරාම සතොස වෙළෙඳසැල් වෙත බෙදාහැරලා අවසන් අතර එක් පාරිභෝගිකයෙකුට කිලෝවක් රුපියල් 99ක මිලකට සහල් කිලෝ 5ක් ලබා ගත හැකි බව අමාත්‍යවරයා පවසයි.
මේ වනවිට ආනයනික සහල් තොග සතොස වෙළෙඳසැල් වෙත බෙදාහැර අවසන්ව ඇති බව ඔහු පවසයි.
ඔහු මෙසේ කීය.

“අනෙකුත් වර්ගවල සහල් ද රජය මැදිහත්වෙලා ගේනවා. ඒ අනුව ඉදිරියේදී ලැබෙන තොග සමග අනෙකුත් වෙළෙඳසැල් වෙතත් බෙදාහරිනවා. ඊයේ මුදල් ඇමතිතුමා තීරණයක් ගත්තා වෙළෙඳපොළ සහල් මිලට දැනෙන බලපෑමක් ඇති කරන්න පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ටත් දෙසැම්බර් 31 වෙනකම් සහල් ආනයනය කරන්න ඉඩ දෙන්න. මේ නිසා ඉදිරියේදී වෙළෙඳපොළ සහල් මිල රුපියල් 100ට වඩා පහළට එයි.”