rila-ella-incident

හාලිඇල, ජගුල්ල, බෝගොඩ පාරේ බදුල්ල මහනුවර පැරැණි රජමාවත සංවර්ධන ව්‍යාපෘතියේ සේවයේ නිරත සියල්ලන් දෛනික වැඩ කටයුතු නිමකර තම තමන්ගේ වාඩිවලට හෝ බෝඩිං කාමරවලට වී වෙහෙස නිවාගන්නා වෙලාවක පසුගියදා ඛේදනීය සිදුවීමක් වාර්තා විය.
"අනෙක් කට්ටිය ඉක්මණට එන්න,අන්න ධර්මදාස අයියයි ලක්මාලුයි දෙන්නම ඇල්ලෙන් පෙහළට වැටුණා.කියාගෙන ඒ වැඩබිම් පෙදරේරුවකු ලෙස සේවයකරන ඉසුරු හා තව කෙනෙකු කැගහගෙන වාඩිය පැත්තට දුවගෙන ඇවිත් තිබුණි.
‘වටපිටේ හිටි අය හැමෝම කඩිරැළ වගේ එකතු විය, සද්දේ ඇහිලා අහළ පහළ ගමේ අය ද දුවගෙන විත් තිබුණි, විස්තරේ අහන ගමන්ම කට්ටිය අතට අහුවුණු එළි අරගෙන රීලාඇල්ල පැත්තට දිව්වා.'

රිලාඇල්ල' කියන්නේ බෝගොඩ රජමහා විහාරය අසළ සුප්‍රකට ලී පාලම යටින් ගලායන ගල්ලන්දා ඔය පාලමට තරමක් ඉහළ ස්ථානයක අඩි දෙසීයක් විතර උස,ගල් රුකුල්ලකින් පහළට ඇද හැලීමෙන් නිර්මාණය වූ දිය ඇල්ලක්,එය එතරම්ම ලස්සන දියඇල්ලක් නොවුණත් ඉතා අවදානම් තැනකි.

ඊට හේතු  වන්නේ එහි ඉහළ,වතුර පාර පහළට ඇද හැලෙන ස්ථානයේ පිහිටි ගල ලිස්සන සුළුවීම නිසයි.ඒවගේම පෙඳපාසි බැඳුණුගල තවත් භයානකයි.



 රිලා ඇල්ලේ පහළ ගල් අතර ධර්මදාසගේත් ලක්මාල්ගේ සිරුරු දෙපොලක තිබී ගොඩගත්තා. පස්සේ 1990 ගිලන් සේවයෙන් බදුල්ල පළාත් මහ රෝහලට ගෙන ගියත් ඔවුනට ජීවත්වීමේ වාසනාව තිබී නෑ, විදානපතිරණලාගේ ධර්මදාස.වීරකැටිය පොලිස් බලප්‍රදේශයට අයත් කන්දේ ගෙදර.අක්කර 40,හකුරුවෙල යන ලිපිනයේ පදිංචිව සිටි අයෙක්, වයස අවුරුදු39ක් මාර්ග වැඩබීමේ බාසුන්නැහේ කෙනෙක් කියලයි කියන්නේ, මියගිය අනෙක් අය ජේ.පී.සමීර ලක්මාල් ගිරාඳුරුකෝට්ටේ පොලිස් වසමේ, අළුයටවෙල, හෙබරව, ගිරාඳුරුකෝට්ටේ යන ලිපිනයේ පදිංචිකරුවකු වූ ලක්මාල්.මේ ව්‍යාපෘතියේ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස කටයුතු කළ 26 හැවිරිදි තරුණයෙක්.

එකින්නෙකට ආසන්න තැන් දෙකක නැවතී සිටි මේ දෙදෙනා කීපදෙන්නෙක් එක්ක බොහෝ දවස්වල හවසට මත් වතුර ටිකක් තොලගා සින්දුව කියා සතුටු වෙන්න පුරුදුවී සිටියා. හැබැයි බිව්වත් මේ අයගෙන් අහළ පහළ අයට කිසිකරදරයක් හිරිහැරයන්නම් නැ කියලයි ප්‍රදේශවාසීන් කියන්නේ. සිද්ධිය වුණදා හවස 6.30-7.00 විතර වෙනකොට ලක්මාල්,ධර්මදාසගේ බෝඩිමට ආවා.තව දෙන්නෙක් හිටියා,ඒ අයගෙන් කෙනෙකු වන අලුපොතගමගේ ගිහාන් ඉසුරු වතුර බොන්නේ නැති වුණත් අනෙතුන්දෙනා එක්ක විනෝද වුණා,රෑ අට විතර වෙන කොට ධර්මදාස ගාණකට ඇවිත් හිටියේ.එකපාරම දේව ආරුඪයක් පරල වුණා වගේ ඔහු කියවන්න පටන්ගත්තා. මටව ස්තුවක් පෙන්නුම්කරනවා.ඒක ගොඩක් වටිනවා.

 ඒක කොහොමහරි ගන්න ඕනැ,මට එතැනට යන්න ඕන කියලා ධර්මදාස කීවා, බීල හිටිය ලක්මාල්ටත් තේරුණා ධර්මදාස මේ කියන්නේ නිධානයක් ගැනයිකියලා. ඔහු ඇහුවා ඒක නිධානයක්ද, ගන්න බිල්ලකුත් දෙන්න ඕනද කියලා, නැහැ කුකුළු බිල්ලක් දුන්නම ඇති කියලයි එතකොට ධර්මදාස කීවේ. ඒත් එක්කම එතැනින් නැගිටලා ගිහින්  වතුර විදුරුවක් අරන් ආව ධර්මදාස,එයට මතුරා අනෙක් අයට දීලා මම වස්තුව ගන්න යනවා.

ඒ වෙලාවෙ මට මොනවහරි වුණත් මේකෙ වතුර ටිකක් මගේ මුණට ඉහින්න කියලා එකපාරම එළියට පැනලා රිලා ඇල්ල පැත්තට දිව්වා. අනෙක් තුන්දෙනාම ඒ පස්සෙන් දිව්වා, පාරක් හරියට නැ, ධර්මදාස කැලේ පීරා ගෙන දිව්වා. අනෙක් අයත් පස්සෙන්ම ගියා. ඇල්ලට උඩ ගල් තලාවඋඩින්දුවද්දී එකපාරම ධර්මදාස පය ලිස්සා ඇල්ලට වැටුණා. ඔහු ළගින්ම ගිය ලක්මාල්. ධර්මදාසවඅ ල්ලාගන්න උත්සාහ කළත් ඒ එක්කම ඔහුත් ලිස්සාගොස් ඇල්ලට වැටුණා.කිසිවක් කරකියාගන්න බැරිවුණු අනෙක් දෙන්නා කැගහගෙන ආපහු වාඩිය පැත්තට දිව්වේ යාළුවන් දෙදෙනාව බේරාගන්න උදව් ඉල්ලමින්.



ඒදෙදෙනාගෙන් එක් අයෙකුවන රත්නපුර, මල්ලව,දුරෙක්කන්ද පදිංචි අලුපොතගමගේ ගිහාන් ඉසුරු සිදුවූදේ මෙසේ විස්තර කළා. 'මෙහේ වැඩ කරන කීපදෙනෙක් බොහෝ දිනවල එකතුවෙලා හවසට බොනවා.ඒත් කවදාවත් ඔවුන් ගෙන් කිසිකෙනෙකුට කරදරයක් හිරිහැරයක් නැ.එදා ධර්මදාසත් තවත් අයෙකුත් හිටියා.ලක්මාල් කියන අය එතැනට ආවා. මත්වතුර බොන්නෙ නැති වුණත් මම ඒ අයඑක්ක හිටියා රෑඅටට විතර ධර්මදාස අයියා දිෂ්ඨියකින් ආරුඪ වුණා වගේ කියවන්න පටන් ගත්තා. මට වස්තුවක් පෙන්නුම් කරනවා. මට එතැනට යන්න ඕන කියා එයා කීවා.

පසුව එයාම වතුර විදුරුවක් අරන් මතුරා අප අතට දී කීවා 'මටමොනවහරිවුණොත් මේකත් වතුර ටිකක් මගේ මුණටඉහින්න කියලා.ඒක දීලා එයාඇල්ල පැත්තටදීවා.ඒ හරියෙ කැලේ වැවිලා ඒත් ධර්මදාස කැලේ පීරාගෙන ගියා. අපි තුන්දෙනාම එයා පස්සෙන් ගියා. ඇල්ල උඩගලඋඩින් දුවනකොට ධර්මදාසපයලිස්සාගල පහළට වැටුණා, ලක්මාල් ඔහුව අල්ලාගන්න උත්සාහ කළා. එයත් ලිස්සලා පහළට වැටුණා. අපට මොකුකරගත්ත බැරිවුණා. අපි දුවල ඇවිත් මේ ගැන අනික් අයට කීවා’ මෙසේ රිලා ඇල්ලට ඇදවැටුණු අය ගොඩගැනීමට ගිය පිරිසෙන් එක් අයෙකු මෙන්ම  මියගිය සමීර ලක්මාල්යන අය සමහ එකම නවාතැන නැවතී සිටින 148, හපුගොඩ.අඹතැන්න යන ලිපිනයේ පදිංචි නුවන් චාමර දිසානායක මෙසේ පැවසීය.

 'මම මේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේම බැකෝ යන්ත්‍ර ක්‍රියාකරවන්නෙක් ලෙස සේවය කරනවා. මේ සිද්ධියෙන් මියගිය ලක්මාල් සහ මම එකම නිවෙසේ නැවතී ඉන්නේ, බොහෝවිට සවස මෙ කීප දෙන්නෙක් උපකරණ දාන කාමරයේ එකතුවෙලා මත් වතුර බීල විනෝදත් වෙනවා,එදා ලක්මාල් එහෙට ගියාට පස්සෙ මම කෑම ගේන්න ගියා. රෑ8-8.30 විතර වන විට ආරංචි වුණා ධර්මදාසයි ලක්මාලුත් ඇල්ලෙන් පහළට වැටිලා කියලා, මමත් බෝඩිංවල හා වාඩිවල සිටි අයත් ගමේ අයත් ඇල්ල පාමුලට දිවගියා,ඒදෙන්නාම ඇල්ල පාමුල ගල් සහිත තැන්වල අඩි දහයක විතර පරතරයකින් වැටී සිටියා,ලක්මාල්ගේ කකුලක් හා ඔළුව තුවාල වී තිබෙනවා දැක්කා. ධර්මදාසගේ තුවාල මම දැක්කේ නෑ. අපි එක්ව ඔවුන්ගොඩගෙන 1990 ගිලන්රථයකින් රෝහලට ගෙනගියා.

ඇල්ලෙන් පහළට වැටීමෙන් හිස හා ශරීරවලට සිදුවූ තුවාල වලින් අධික ලේ වහනය වීම හේතුවෙන් මෙම පුද්ගලයන් දෙදෙනාගේ මරණ සිදුව ඇති බවට සම්බන්ධයෙන් බදුල්ල පළාත් මහ රෝහලේදී පැවැති පශ්චාත් මරණ පරීක්ෂණවලදී නිගමනය කෙරුණා.

හාලිඇල පොලිසියේ  ස්ථානාධිපති පොලිස් පරීක්ෂකරුවන් ගුණතිලකගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක රත්නායක සහ සැරයන්වරුන් වන (45505) ශානික, (54255) ගුණසිංහ යන නිළධාරීන් සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකළා.
 -එච්.එම් විජේරත්න-