නිකුත් කළ ගැසට් පත්‍ර යළි ඉවත් කර ගැනීමට රජය කටයුතු කරනුයේ,"ජනතාව කෙරෙහි ඇති සංවේදීතාව හේතුවෙන් වන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.
හෙතෙම සඳහන් කර සිටියේ, යම් දෙයකින් ජනතාව අතෘප්තියට පත් වන බවට වැටහුණහොත් එය වෙනස් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවයි.බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී 08දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ කාරියවසම් මහතා,
“ගැසට් ඉවත් කර ගන්නවා කියලා චෝදනාවක් තියෙනවා. ගැසට් ඉවත් කර ගන්නේ, ජනතාවට සංවේදී නිසා. අපි ගැසට් එක ගැහුවා, ජනතාවට මොනවා වුණත් කමක් නෑ, අපි මේක ගෙනියනවා කියලා තැනක අපි ඉන්නේ නෑ.අපි මේ රටේ ජනතාව කෙරෙහි ඉතා සංවේදී රජයක්. අපට තේරුණත් අපි කළ දේ කින් ජනතාව අතෘප්තියට පත් වෙනවා කියලා එය වෙනස් කරන්න අපි මැලී වෙන්නේ නෑ. පුහු මාන්නයක්, ආඩම්බරයක් තියෙන රජයක් නොවෙයි. ජනතාවාදී රජයක්. ජනතාව වෙනුවෙන් සිදුකළ යුතු දේවල් ඕනෑ දෙයක් කරනවා"
යැයිද පවසා සිටියේය.
(නිදර්ශනී වික්‍රමසිංහ)
0 Comments