කොළඹ විශාඛා විදුහලේ විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොළට සේවා දිගුවක් ලබා දීමට පියවර ගතහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවැසීය.
සිසුවියන් ඇතුළත් කිරීමේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විදුහල්පතිනියට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශනයක් පවත්වමින් සිටින බවත් එසේ තිබියදී ඇයට තවදුරටත් සේවා දිගුවක් ලබා දීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් හෙතෙම කීවේය.
මීට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවත් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කෙරෙන්නේද අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව බවට තොරතුරු ලැබී ඇති බවත් කී ප්‍රධාන ලේකම්වරයා විදුහල්පතිනියට සේවා දිගුවක් ලබා දීම බරපතළ නරක පූර්වාදර්ශයක් බවත් සඳහන් කළේය.
විදුහල්පතිනිය විශ්‍රාම යාමට නියමිතව ඇත්තේ අද (16 වැනිදා)ය.
ඒ වෙනුවෙන් සමුගැනීමේ සාදයක්ද පාසලේදී ඊයේ (15 වැනිදා) පවත්වා තිබේ. තමන් විශ්‍රාම යන නමුත් යළි අවස්ථාවක් ලැබුණහොත් තනතුර භාර ගන්නා බව එහිදී විදුහල්පතිනිය ප්‍රකශ කර ඇති බවත් පැවසේ.
නිලන්ත මදුරාවල
0 Comments