sapugaskanda-dead-body

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අසළ මාර්ගයක කසල ගොඩක තිබූ ගමන් බෑගයකින් හමුවූ කාන්තා මළ සිරුර බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවට ඇයගේ සැමියා අද දින තහවුරු කරගෙන තිබේ.
42 හැවිරිදි දෙදරු මවක් වන ඇය පසුගිය 28වන දා සිට අතුරුදන්වී ඇති බවට සැමියා විසින් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබු අතර ඇය ඝාතනයවී ඇති බව දැනගෙන ඇත්තේ මෙම සිරුර පරීක්ෂාවේදීය.



සැමියා සහල් ව්‍යාපාරිකයෙකු වන අතර මිය ගිය කාන්තාව රැකියාවක නිරත වී නැති බව දන්වා තිබේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අසළ මාර්ගයක කසල ගොඩක් තිබු ස්ථානයෙන් දුඟදක් හමන බවට ලැබුණු තොරතුරක් මත පරික්ෂා කිරීමේදී මෙම සිරුර ඊයේ හමු විය. සිරුර පරීක්ෂා කිරීමට අතුරුදන් බවට පැමිණිලි ඉදිරිපත් කළ කීපදෙනෙකුම අද දින පැමිණ පරීක්ෂා කළ අතරවාරයේ  බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරු ඇයව හඳුනාගන්නා ලදි.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා පැවසූ තොරතුරු අනුව ඉදිරි පරීක්ෂණ මෙහෙයවා ඝාතනය සිදුකළ අය ගැන සොයා බලන බව පොලිසිය දන්වා ඇත.
  සිදුවීමට අදාළ පෙර විස්තර