sapugaskanda-murder

ඝාතනය කර බෑගයක අසුරා සපුගස්කන්ද මාබිම පාරේ තෙල්පිරිපහදු මධ්‍යස්ථානය අසල මාර්ගයේ කැළි කසළ ගොඩක දමා ගොස් තිබියදී සොයා ගත් කාන්තාවගේ රන් බඩු ඝාතන සිද්ධියේ සැකකරු විසින් රැගෙන පලාගොස් ඇති බව පොලිසිය පවසයි.   මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාලිගාවත්තේ පදිංචිව සිටි මොහොමඩ් සාෂි පාතිමා මුම්තාස් (45) නමැති කාන්තාව බවට හඳුනාගෙන ඇත. මෙම කාන්තාව ඝාතනය කිරීමෙන් පසු ඇගේ සියලු රන් බඩු තම සොහොයුරා විසින් ගලවාගෙන යන ලද බවට, අත්අඩංගුවට පත් සැකකාරියගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බවද පොලිසිය සඳහන් කරයි. සොරාගත් මෙම රන් බඩු අතර මාලයක්, රන් වළලු දෙකක්, මුදු තුනක් හා කරාබුවක් ද වන බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඝාතනයට ලක් වූ කාන්තාව සහ ප්‍රධාන සැකකරු සමග පොරබැදීමේ දී ඇගේ එක්  කරාබුවක් ගැලවී ගිය බවත් සැකකරු එම කරාබුව ද රැගෙන ගොස් ඇති බවත්

සැකකාරිය ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කළ බවද එම නිලධාරියා කීවේය.  උකස් තබා තිබූ රන් මාලයක් හා වළලු දෙකක් ඝාතනයට ලක් වූ කාන්තාව විසින් බේරා ගනු ලැබීමෙන් පසුව, එම වැඩි මුදල ලබා නොදීම සම්බන්ධයෙන් සැකකාරිය හා ඝාතනයට ලක් වූ කාන්තාව අතරට අමනාපයක් හටගෙන ඇති බවද පොලිසිය පවසයි.  සැකකාර කාන්තාව සහ ඇගේම සොහොයුරා ඝාතනයට ලක් වූ කාන්තාව සිද්ධිය වූ දින සූක්ෂම ලෙස සිය නිවසට  ගෙන්වාගෙන ඇත්තේ ඇය බියකර රන්බඩු සම්බන්ධයෙන් ගෙවීමට නියමිත හිඟ මුදල ලබා ගැනීමට බවත්, එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් සිය සොහොයුරා  මෙම කාන්තාවට කුඩා මෝල් ගසකින් පහර දී, ගෙල සිරකර මෙම ඝාතනය සිදුකර ඇති බවත් පරික්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි  පොලිසිය සඳහන් කරයි.


සැකකරු ඇය ඝාතනය කරන අවස්ථාවේ ඔහු අයිස් මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බවද පොලිසිය කියයි. ස

ැකකරු සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකාරිය හා ඇගේ සැමියා මහර මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (07) ඉදිරිපත් කර පැය 48 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය කියයි.


- ඉන්දිකා රාමනායක -