sarda-story

සර්දා කුමුදුනී කුලරන්න බුත්තල නගරයට කිලෝ මීටර් හතරක් පමණ දුරින් ඇති ගම්මානයක ජීවත්වූ අහිංසක තරුණියකි. පවුලේ දෙවැන දරුවාවන ඇය, නගරයේ ඇති ජෝතිෂ්‍ය කටයුතු කරන ස්ථානයකට පැමිණියේ හඳහන බලවා ගැනීමටය.  ඒ තමන්ට මෙතෙක් රැකියාවක් නොලැබීම ගැන තිබූ කනස්සල්ල හේතුවෙනි. ජනාකීර්ණ නගරයේ ඇති මෙම ස්ථානයට කේන්දර බැලීම, නැකත් සැදීම, පොරොන්දම් බැලීම, පලාඵල බැලීම ආදීසේ ලබා ගැනීමට සෑහෙන පිරිසක් පැමිණීම නිසා ජෝතිෂ්‍යවේදියාට තනිවම එම කටයුතු සිදු කර ගැනීම අපහසු වී තිබුණි.

ඒ නිසා රැකියාවක් නොමැතිව ලත වෙන තරුණියට ඔහු ඇරයුකළේ තමා ළඟ සේවයට පැමිණෙන ලෙසය.ඇයද ලැබුණු එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතුවේ එක පයිනි. ඔහුගේ වැඩකටයුතුවලට උදව් කරමින් සිටි සර්දාගේ රූ සපුව තරුණ ජෝතිර්වේදියාගේ සිත පැහැර ගැනීමට වැඩි දිනක් ගත වූයේ නැත.ඔවුගේ මෙම ඇසුර කෙලවර වූයේ ඔවුන් දෙදෙනා එකවහලයෙටට කූඩු විමෙන් අනතුරුවය.ඒ බුත්තල.දික්යාය, 09කණුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ඇය කැදවාගෙන ඒමෙනි.විවාහවීමෙන් පසුවද ඇය ඔහු කාර්යාලයේ වැඩට ගිගේ සුපුරුදු පරිදීමය.



සතුටින් සැහැල්ලුවෙන් ඔවුන්ගේ ජීවිත ගලාගියේ සීරුවටය.ගම් අතර ඇය මවක වීමෙ ලකුණු පහළ කළේ ඔවුන්ගේ කැදැලේ තිබූ සතුට දෙගුණ තෙගුණ කරමිනි.දරුවා ලැබීමත් පසුව ඇයට තවදුරට ඔහුගේ කාර්යාලයේ වැඩකටයුතු සිදු කිරීම පහසු වූයේ නැත, ඒ කිරි කැටියා නිවෙසේ තබා යාම නුසුදුසු නිසාය. මේ නිසා ඔහු තීරණය කලා වෙනත් තරුණියක් සහයට කැඳවාගැනීමටය. ඔවුන්ගේ පවුල් ජීවිතයට කණකොකා හඬන්නට වූයේ ඉන් අනතුරුවය. මම සහායිකාව සමග ඔහු යම් කිසි ඇසුරක් ඇතැයි ඇය සැකකිරීමට පටන්ගත්තේ වැඩි දවස ගත වීමට පෙරය,සුළුසුළු හිත් අමනාපකම්,ඇනුම් පද වලින් ආරම්භ වූ මෙම සැකය.දිනනෙන් දින උඩු දුවන බව ඔවුන් දෙදෙනාම දැන සිටියේ නැත. ඔහු නිවෙසට පැමිණි විට ඇය නගන දහසක් ප්‍රශ්ණ හා චෝදනා ඔහුගේ සිත අවුකළේ නිරන්තරයෙනි. 'පහු පහු වෙනකොටකොහු කොහු වෙනවා යැයි කියනවා මෙන් ඔවුන් අතර රණ්ඩුසරුවල් ඇතිවුයේ මතුපිටින් ඉතා සුළු සිද්ධියකට වුවත්,ඒ යටසැගවී තිබුණත් කාලයක් තිස්සේ සිතේ කැකැරමින් තිබුණසැකය බව පැහැදිලිය. මෙනිසා ඇය, ඔහුට පැවසුවේ ඇයව රැකියාවෙන් ඉවත්කරන ලෙසය.වෙන රැකියාවක් සොයාගන්නා ලෙස එම තරුණියට දැනුම්දීමටද ඇය පසුබට නොවුණාය.එහෙත් එවැන්නක් සිදු වූයේ ඒ පසුගිය 2020 වසරේ අප්‍රියෙල් මස27 වැනිදාය.

බුත්තල පොලිසියට රෝහලෙන් දැනුම් දෙන්නේ, දික්යාය ප්‍රදේශයේ පදිංචි ඩබ්.එම්.සර්දා කුමුදුනී. කුලරත්න නැමති තිස්  හැවිරි එක්දරු මවක්  ගෙලවැලලාගෙන මිය ගොස් ඇති බවය. පොලිසිය අදාල නිවෙසටත් ගොස් විමර්ශණ ආරම්භ කලේ ඒ  අනුවය. ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.එම්.ජේ බණ්ඩාර ඇතුලු නිලධාරීන් එම නිවෙසට ගොස් විමර්ශන කටයුතු ආරම්භ කළේ පසුවය. මෙම කාන්තාව ගෙල වැලලා ගෙන තිබුණේ සාලයේය.

ඇය ගෙල වැලලා ගැනීමට උපයෝගි කරගත් බවට සිතිය හැකි වායර් එකක් ගැටගසා තිබෙන බව පොලිසිය නිරීක්ෂණය කළ අතර රෝහලෙන් මේ බව දැනුම් දෙනතුරු කිසිවෙකුත් පොලිසියට දන්වා නොතිබුණි. එම වයර් එක ගැට ගසා තිබු වයර් එක සහා අනෙකුත් සාධක අනුව බලනවිටම පොලිසියට මේ ගැන විශාල සැකයක් ඇති වුවත් ඒ ගැන ඇගවීමට ගියේනැත. එහෙත් ඇගේ මව පවසා සිටියේ මෙම මරණය සැකසහිත බවය. එවකට වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතුකළ මහේෂ් වාකිෂ්ඨ මහතා ස්ථානීය පරීක්ෂණ සිදු කර බාර දුන්නේ විවෘත තීන්දුවකි.ඇගේ ශරීර කොටස් රජයේ රසපරීක්ෂකවෙත යවා වාර්තාව ලබාදෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.




මේ අතර පොලිසියද නිකම් සිටියේ නැත.මේ මරණය සම්බන්ධයෙන් සැකයට තුඩුදුන් කරුණු කාරණා විමර්ශනය කළේය.අත්හැර දමා ඇති බව පිටටපෙන්වන අතරය. මෙහිදී සැකය එල්ල වූයේ ඇගේ සැමියා වෙතය. සිද්ධිය වූ දින  දහවල් ඔවුන් අතර රණ්ඩුසරුවල් පැවති බව අනාවරණය කරගැනීමට අපහසු වූයේ නැත. එහිදී කියැවුණේ කොස්සෙන් ඇගේ පාදයට  ඔහු විසින් පහර දුන්බවය. එහෙත් රස පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වී ඇත්තේ මෙම මරණය සියදිවිනසා ගැනීම නොවන බවය. මේ අතර ඇගේ සහෝදරයක් සමගද ඔහු නොයෙක් ආකාරයේ ගැටුම් ඇතිකරගෙනඒගැන පැමිණිලි ද පොලිසියට ලැබී තිබුණේ ඔහු කෙබඳු පුද්ගලයකු දැයි කියාපාමිනි. එනම් ඔවුන්ට මොනවා හෝ කරදරයක් සිදුකරන බවට තර්ජනය කිරීමට තරම් ඔහු නිර්භීත වී ඇති බවය.

ඔහුගේ මෙම හැසිරීම හා මෙතෙක් ඔහු කටයුතුකර ඇති ආකාරය ගැන නිරීක්ෂණය කළ පොලිසිය,සිද්ධිය වී වසරකට පසු මෙම මරණයට වගකිවයුත්තා වන ඇගේ තිස්දෙහැවිරිදි සැමියා අත්අඩංගුවට ගත්තේ ලබාගත් සාක්ෂි වෛද්‍යවර්තාද උපයෝගීකරගැනීමෙනි. අවුරුදු දෙකත් වයසැත් සිගිතී දරුවකුට මව්පිය සෙනෙහ සදහටම අහිමි කිරීමට තරම් බලයක් අනියම් ඇසුරකට ලැබුණේ එලෙසිනි. මොණරාගල සහකාර පොලිස් අධිකාරී හේමන්ත ඕවිටියාග මහතාගේ උපදෙස් අනුව බුත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්පරීක්ෂක ඩබ්.එම්.ජේ. බන්ඩාර,අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජපක්ෂ,සැරයන්වරුන් වන 66510 සනත්. 6032ජයසිංහ,33730 ප්‍රියත්ත,7537 විජේරත්න යන නිලධාරි පිළිබඳ විමර්ශන සිදුකළහ.


-විනීතා මානෙල් ගමගේ-