school-protest-teacher-dies

මාතර, කොටපොළ ජාතික පාසල ඉදිරිපිට සංවිධානය කර තිබූ ගුරු විරෝධතාවයක ට සහභාගී වී සිටි ගුරුවරියක ක්ලාන්ත වී බිම ඇදවැටීමෙන් පසු රෝහල් ගතකිරීමේ දී මියයාමේ සිදුවීමක් අද (9) වාර්තා විය.
දෙණියාය මධ්‍ය මහ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සේවය කළ 27 හැවිරිදි ගුරුවරියක වූ ඇය
ආසන්න කාලයේදී හෘද සැත්කමක ට ලක්ව සිටි අයෙකු බව පැවසුණ අතර

ඇයට හෘදය ආශ්‍රිතව ඇතිවූ සංකූලතා නිසා මෙලෙස මියයන්නට ඇතැයි අනුමාන කෙරේ.
අද (09) සවස කොටපොළ ජාතික පාසල ඉදිරිපිට සිට පාගමනින් ගැටබරු විහාරය දක්වා ගොස් නැවත කොටපොළ ජාතික පාසල දෙසට පැමිණෙමින් සිටින අවස්ථාවේ ඇය ක්ලාන්තවී තිබුණි.
 හෘද සැත්කමකට මුහුණ දී දෙණියාය මුලික රෝහලේ මාසික සායනයට ද සහභාගී වෙමින් සිටි තැනැත්තියකවූ ඇයට වැඩිපුර ඇවිදීම අනුමත නොවූ බවද පැවසේ.
ඇදවැටීමෙන් අනතුරුව දෙණියාය මුලික රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඇය මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
 හදිසි මරණ පරීක්ෂණය දෙනියාය මුලික රෝහලේ පැවැත්වීමට නියමිතය.