covid19-government

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් ලබන 08 වැනිදා පාසල් ආරම්භ කිරීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
නිවේදනයට අනුව 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු ලබන 08 වනදා ආරම්භ වනු ඇත.
එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සඳහා සියලු අධ්‍යන කාර්ය මණ්ඩල, සේවයට කැඳවිය යුතු අතර


මීට අමතරව ලබන 08 වනදා සිට සියලු අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් ද, සේවයට කැඳවිය යුතුය.



  ගැබිණි හෝ වයස අවුරුදු 01 ට අඩු දරුවන් සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් සේවයට කැඳවීම අවශ්‍ය නොවන අතර, වෙනත් රෝගාබාධවලින් පෙළෙන නිලධාරීන් සේවයට කැඳවීම අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් කළ යුතු බව චක්‍රෙල්ඛයේ දැක්වේ.අදාළ කරුණු පිළිබඳව සනාථ කෙරෙන ලේඛන සහිත ඉල්ලීම් ලිපියක් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කර, අනුමැතිය ලබා ගැනීම ඊට පෙර අවශ්‍යෙව්.

 පාසල් ආරම්භ කළ මුල් කාලය තුළ සිසු සිසුවියන් සඳහා පාසල් නිළ ඇඳු අනිවාර්යය නොවන බවද දන්වා ඇත.
ඒ අනුව, සුදුසු ඇඳුමකින් පාසල් පැමිණීමට සිසුන්ට අවස්ථාව සලසා දෙන්නැයි ද, අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.