covid19-government
ඊයේ (3) දාතමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙයි.පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක අත්සනින් ගැසට් පත්‍රය නිකුත්තර ඇත.

ඒ අනුව මේවාට පැවති උපරිම සිල්ලර මිල ඊයේ (03) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන ඇත.



මේ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍ර 07ක් නව ගැසට් පත්‍රය මඟින් අවලංගු කර ඇත.

මීට පෙර 2017 වසරේ පනවන ලද ගැසට් නිවේදනයකට අනුව මයිසූර් පරිප්පු කිලෝවක් සදහා රුපියල් 159ක්, ආනයනික වියළි හාල් මැස්සන් කිලෝවක් සදහා රුපියල් 490ක්, මුං ඇට කිලෝවක් සඳහා රුපියල් 205ක් සහ අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 115ක්, සුදු සීනි කිලෝවක් සඳහා රුපියල් 122ක්, දුඹුරු සීනි කිලෝවක් සදහා රුපියල් 125ක් ලෙස මීට පෙර ගැසට් පත්‍ර මගින් උපරිම මිල සීමාවක් නියම කර තිබුණි.



මීට අමතරව කඩල කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 260ක්, වියළි මිරිස් කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 385ක්, කට්ටා කරවල කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 1100ක්, සාලයා කරවල කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 425ක්, සස්ටජන් ග්‍රෑම් 400යේ පැකට්ටුවක් සදහා 1500ක් සහ උම්බලකඩ කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 1500ක් ව පැවති උපරිම මිල සීමාව ද නව ගැසට් පත්‍රය මගින් ඉවත් කර තිබෙයි.