අද (4) පැවති විස්සයි20 ලෝකකුසලාන සුපිරි12 වටයේ තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල පරදා ශ්‍රී ලංකාව ජයගන්නා ලදි.


මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 189 ක් කඩුළු 3 කට ලබාගත් අතර කොදෙව්වන් ඕවර 20 අවසානයේ කඩුළු 8 කට ගත්තේ 169 ක් පමණි.
අසලංක 68 ක් හා පැතුම් නිශ්ශංක 51 ක් ලබාගත් අතර බිනුර චාමික හා වනිදු කඩුළු 2 බැගින් ලබාගන්නා ලදි. මෙම ජයග්‍රහණය සමග ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 4 ක් ලබා සටහනේ 4 වැනියා ලෙස රැඳෙමින් සිටින නමුත් ශ්‍රී ලංකාව එම වටයේ සියලු තරග අවසන් වුවත් පළමු දෙවැනි තැන් නොලැබීම හේතුවෙන් අර්ධ අවසන් වටයට තේරුනේ නැත. නැවත සියරට බලා ඒමට සිදුවේ.