sri-lanka-world-cup-semi-lost

ජෝස් බට්ලර්ගේ සුපිරි පිති ප්‍රහාරය හමුවේ ජවය ලද එංගලන්තය ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග ඊයේ (01 වැනිද) සාජා පිටියේ පැවැති තරගයෙන් ලකුණු 26ක ජයක් වාර්තා කරමින් පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයේ ස්ථාන තහවුරුකර ගත් අතර මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාව ඊළඟ වටයට යාමට අසමත් තත්වයක් පෙන්නුම් කර ඇත.


සුපිරි 12 වටයෙන් හොඳම කන්ඩායම් 4 පමණක් තෝරාගෙන අවසන් පූර්ව තරග පැවැත්වෙන බැවින් ශ්‍රී ලංකාවේ පරාජයන් මත මෙවර තරගාවලියෙන් ඉවතට විසිවීමේ වැඩි ඉඩක් පෙන්නුම් කර ඇත.
සුපිරි12 වටයේ ඒ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාවට යළි තරගවැදීමට ඇත්තේ නොවැම්බර් 4 වනදා බටහිර ඉන්දීය කොදෙව් පිළ සමගින් තරගය පමණි. එම තරගය ජයගත්තත් අවසන් පූර්ව තරගයට සහභාගීවීමේ අවස්ථාව  ඉතාම විරලය.
යම් ලෙසකින් එංගලන්තය හැරුණු විට ශ්‍රී ලංකාවටද ඇතුළුව අදාළ කාණ්ඩයේ අනෙක් රටවල් තරග දෙක බැගින් දිනාගන්නා අවස්ථාවක් උදාවුවහොත් පමණක් දළ ලකුණු වේගය මත අවසන් පූර්ව සටනට පිවිසීමේ අවම සම්භාවිතාවෙන් යුත් අවස්ථාවක් පමණක් ශ්‍රී ලංකාව හමුවේ ඉතිරිව ඇත.
හෙට අනිද්දා පැවැත්වෙන අනෙක් රටවල තරග අනුව ශ්‍රී ලංකාවේ ඉරණම විසඳෙනු ඇත.
ඊයේ 01 රාත්‍රී වනවිට පොයින්ට්ස් ටේබල් පහත පරිදිය.