sri-lankan-air-fuel-issue

තෙල් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැටලුවකට පත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිනුමෙන් අදහස් දක්වමින් පවසා තිබේ.
 සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50කට වසා දමන ලද බවට ඊයේ ඇමතිවරයා දැනුම් දුන් අතර
බොරතෙල් මිලදී ගැනීමට ප්‍රමාණවත් විදේශ විනිමයක් නොතිබීම ඊට හේතු ලෙස දැක්වීය.



මේ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ A320/321 ගුවන් යානාවල කෙටි දුර ගමන්වලට ප්‍රමාණවත්
ඉන්ධන ලබාගැනීමේ ගැටලුවකට මුහුණ දීමට සිදුවෙනු ඇතැයිද එකී කෙටිදුර ගමන් සඳහා අවශ්‍ය ඉන්ධන කොළඹදී සපයා ගත යුතු වීම ඊට හේතුවන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

"විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වඩා හොඳින් සවන් දිය යුතුයි. ලොකු කතා කියන අජිත් නිවාඩ් කබ්රාල්ගේ  සැලසුම් දිගටම අසාර්ථක වී ඇත" යැයි ඔහු එහිදී පවසයි.