වැටුප් විෂමතා මුල් කරගනිමින් ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට අද තීරණය කර ඇත. සියලු වෘත්තිය සමිති නියෝජිතයන් කොළඹදී පැවැත් වූ නියෝජිත හමුවකදි එම තීරණය ගන්නා ලදි.
මෙවර අයවැයෙන් ගුරු හා විදුහල්පති වැටුප් වැඩි කිරීමට මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සැළකිල්ලට ගෙන මෙලෙස තාවකාලිකව සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval