strike-garment-servants

මෙවර අය - වැයෙන් ඇඟලුම් ක්‍ෂේත්‍රය ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට
ඉදිරියේදී කඩිනම් ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් වැඩ වර්ජන ක්‍රියා මාර්ගයකට යොමුවීමට සිදුවන බව නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය රජයට අනතුරු අඟවයි.



මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා

 

මෙවර අයවැයෙන් ආණ්ඩුව පෞද්ගලික අංශයේ සේවකයන් සම්බන්ධයෙන් නිහඬතාවක් දක්වනවා නම් අපට සිද්ධ වෙනවා පාර්ලිමේන්තු වටරවුමට ගිහින් උද්ඝෝෂණයක් කරලා අපේ දුක්ගැනවිලි රටට ප්‍රකාශ කරන්න. නමුත් ඒක ගණන් ගන්නේ නැත්නම් අපේ වෘත්තීය සමිති රැස්වෙලා දැඩි වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට යන්න. මේ අය වැයෙන් හාම්පුතුන්ට විවිධ සහන ලබාදී තිබෙනවා. ආයෝජකයන් ආකර්ෂණය කරගන්න බදු සහන
වගේම විවිධ පහසුකම් ලබාදී තිබෙනවා. නමුත් සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම ගැන කිසිම අවධානයක් යොමුකර නැහැ. මේ අය වැය ලබන මාසේ 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙනවා. ඒ අතරතුර අපේ ඉල්ලීමට විසඳුම් ලබා නොදෙන්නේ නම් අපට සිද්ධ වෙනවා වැඩ වර්ජනයකට අපේ වෘත්තීය සමිති සියල්ල පෙළගස්වන්න.



උපතිස්ස පෙරේරා