sudarshani-speaks

පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තේ කවුරුන් දැයි ප්‍රශ්න කරන විට විමර්ශන කණ්ඩායම් විසින්, එසේ ප්‍රශ්න කරන කණ්ඩායම් මර්ධනය කිරීමට ආණ්ඩුව ගන්නා කවර හෝ උත්සාහයක් දැඩි අප්‍රසාදයකින් යුතුව බැහැර කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පවසයි.



රාජ්‍ය ඇමතිවරිය මේ බව පවසන්නේ සිරිල් ගාමිණී පියතුමා අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවමින් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන ආකාරය සම්බන්ධයෙනි.‍

“ඇත්තටම මේ සිදුවීම් පෙළ සම්බන්ධව මගේ කිසිම ප්‍රසාදයක් නැහැ. ඔවුන් විමසන්නේ කවුද මේ ප්‍රහාරයට වගකිවයුතු මහ මොළකරුවො කියලයි. ඔවුන් ඉල්ලන්නෙ රට තුළ විවෘත කථිකාවක්. පුළුල් සංවාදයක්. එය දැනගැනීමේ අයිතිය කතෝලික ප්‍රජාවට විතරක් නෙමෙයි, මේ රටේ සෑම පුරවැසියෙකුටම තියනවා. ඔවුන් හඬනගන්නෙ ඒ වෙනුවෙන්. ඒ පිළිබඳව හඬ නගන අයට රජය විවිධ චෝදනා ගොනු කරලා අපහසුතාවයට පත් කිරීම විශාල ගැටලුවක්. ඊට එකඟ වෙන්නබැහැ.“


යැයි රාජ්‍ය ඇමතිවරිය වැඩිදුරටත් පවසයි.

කතෝලික මන්ත්‍රීවරුන් ලෙස ඇති වී තිබෙන තත්වය සම්බන්ධව රජයට ලිඛිතව දැන්වීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධව හඬක් නගන්නට කතෝලික මන්ත්‍රීවරුන් සියල්ලම එක් නොවීම ගැටලුවක් බවත් ඇය පෙන්වා දෙයි.