මෙවර විස්සයි- 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව විස්සයි – 20 ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක Dwayne Bravo ඊයේ තහවුරු කරන ලදි.
ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟයෙන් පරාජයෙන් අනතුරුව කොදෙව්වන්ට තරගාවලියෙ ඊළඟ වටයට යාම අසමත්වූ  අතර ඊයේ තරගයෙන් පසු හෙතෙම මාධ්‍ය වෙත මේ බව සඳහන් කර සිටියේය.
විස්සයි – 20 ලෝක කුසලානය දෙවතාවක් ජයග්‍රහණය කිරීම සඳහා බ්‍රාවෝ කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සිය දායකත්වය ලබාදී තිබේ. විස්සයි20 තරග 90 කට ක්‍රීඩා කර ඇති ඔහු අතර කඩුලු 78ක් දවාගෙන ලකුණු 1000කට වඩා රැස් කර ඇත.


බ්‍රාවෝ මෙසේ කීය.

“මම හිතන්නේ කාලය පැමිණ ඇති බව. “මම ඉතා හොඳ වෘත්තීය ජීවිතයක් ගත කළ කෙනෙක්. වසර 18ක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීමට, යම් යම් උස් පහත්වීම් ඇති වූ නමුත්, ඒ දෙස ආපසු හැරී බලන විට, මෙතරම් කාලයක් කලාපය සහ කැරිබියානු ජනතාව නියෝජනය කිරීමට ලැබීම ගැන මම බෙහෙවින් කෘතඥ වෙමි.

“මට දැන් මට අවශ්‍ය වන්නේ තරුණ ක්‍රීඩකයින් සමඟ මට ඇති අත්දැකීම් සහ තොරතුරු ලබා දීමට උත්සාහ කිරීමටයි,” ඔහු පැවසීය. “මම හිතන්නේ සුදු පන්දු ආකෘතීන් තුළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් වලට හොඳ අනාගතයක් තිබෙන අතර අපි ක්‍රීඩකයන්ට දිගටම සහයෝගය ලබා දෙමින් ඔවුන්ව දිරිමත් කිරීම වැදගත්.


බ‍්‍රාවෝගේ ජාත්‍යන්තර දිවිය සෙනසුරාදා ඕස්ට්‍රේලියාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් ඔවුන්ගේ විස්සයි-20 ලෝක කුසලානයේ අවසන් තරඟයෙන් පසුව අවසන් වනු ඇත.