ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර ඉරිදා පැවති විස්සයි20 තරගයට පෙර අබුඩාබි හි ෂෙයික් සයීඩ් ක්‍රීඩාංගණයේ තණතීරු භාරකරු මොහාන් සිං මියගොස් සිටියදී සොයා ගැනුණි.




සිංගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
අබුඩාබි ක්‍රිකට් නිලධාරීන් මෙම මරණය තහවුරු කර ඇති අතර සිංගේ පවුලේ අයට දන්වා තිබේ.

පිටියේ ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය අතර තරගය පැවැත්වෙන්නට පෙර උදෑසන මෙම පුවත වාර්තා විය.
ඔහු සිය කාමරයේ වැතිරී සිටි බව පැවසෙන අතර හදිසි මරණයට හේතුව පැහැදිලි නැත.
චන්දිගාර් හි මොහාලි ක්‍රීඩාංගනය හා සම්බන්ධව සිටි ඉන්දියානු ජාතිකයෙකුවූ මොහාන් සිං  ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන, කැපවීම සහ අභිලාෂකාමී පුද්ගලයෙකු ලෙස හිතවතුන් වර්ණනා කර තිබේ.



මොහාන් වසර 15 ක් අබුඩාබි ක්‍රිකට් සමඟ සිට ඇති අතර එම කාලය තුළ එම ස්ථානයේ සියලු සාර්ථකත්වය සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇත.

ICC ප්‍රකාශකයෙකු පැවසුවේ “මෙම මරණයෙන් අපි දැඩි ලෙස කණගාටු වන අතර අපගේ කම්පනය ඥාතීන් වෙත බෙදාගමු.” යනුවෙනි.
ද නැෂනල් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී සිං පවසා ඇත්තේ අගනුවර හොඳම ක්‍රීඩා මතුපිට සකස් කිරීමට තමාට අවශ්‍යව තිබූ බවයි.