theldeniya-weapons

තෙල්දෙණිය දිගන රජවැල්ල ප්‍රදේශයේ පිහිටි වික්ටෝරියා රේන්ද්‍ර නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක සඟවා තිබූ ජීව උණ්ඩ 100ක්,රම්බෝ පිහි වායු රයිෆලයක් ඇතුළු උපකරණ නොගයක් සමග ඇමෙරිකන් යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ලැබූ ලාංකිකයකු ඇතුළු දෙදෙනකු පෙරේදා (30 වැනිදා) සැකපිට අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය මුලස්ථාන පොලිසිය කියයි.  

45 ඒ.සී.පී. වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝල ජීව උණ්ඩ 100ක් කුඩා ගමන් කතන යන්ත්‍ර 04ක් දුරේක්ෂයක්, වායු රයිපලයක්,රම්බෝ වර්ගයේ පිහියක්, ඇපල් වර්ගයේ ජංගම දුරකතන 2ක්, ලියපදිංචි නොමැති යතුරුපැදි 02ක්, ලියාපදිංචි අංක සහිත යතුරුපැදි 04ක් මෙම නිවසේ තිබී සොයාගෙන ඇතැයි තෙල්දෙණිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

මෙයට අමතරව විදෙස් ගමන්  බලපත්‍රයක්, රුපියල් 706,000ක් හා යතුරුපැදි අමතර කොටස් රැසක් ද සොයාගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවකු කාලයක් ඇමෙරිකා හමුදා සේවයේ නියුතුව සිට විශ්‍රාම ලැබුවකු බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.  ශ්‍රී ලාංකිකයකු වන මොහු ඇමරිකානු පුරවැසිභාවය ලබා ඇති තැනැත්තකු බවද පොලිසිය කියයි.  අත්අඩංගුවට ගැනුණ සැකකරුවන්ට මෙම ජීව උණ්ඩ ලැබුණු ආකාරය පිළිබඳව හා මොවුන් කිසියම් අපරාධ කල්ලියකට හෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූවන් දැයි සොයා ගැනීමට පුළුල් පරික්ෂණ පවත්වාගෙන යන බව ද පොලිසිය සඳහන් කරයි.  පොලිස් විශේෂ කාර්යාංශයේ තෙල්දෙණිය ඒකකයේ නිලධාරින්ට, ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇතැයි තෙල්දෙණිය මූලස්ථාන පොලිසිය කියයි.

 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-