threegirls-missing-maradana

update
11.00pm
අතුරුදන්ව සිටි දැරියන් තිදෙනා නැවත නිවෙසට ඇවිත් Read HERE

6.30pm
කොළඹ 12 කෙසෙල්වත්ත පොලිස් වසම තුළ පදිංචි බාල වයස්කාර ගැහැණු දරුවන් තුන්දෙනෙකු නිවසින් අතුරුදන්වීම පිළිබඳව  ඊයේ (08) දින පොලිස් පැමිණිල්ලක් ලැබී තිබේ.


 අවුරුදු 13 වයසැති දෙදෙනෙකු හා 15 එක් අයෙකු මෙලෙස ඇතුරුදන්වී ඇති අතර ඊයේ සවස් වනවිට ඔවුන්  මැක්ඩොනල්ඩ්ස් අවන්හලක,

ගාලු මුවදොර පිටියේ හෝ ‘වන් ගෝල් ෆේස්‘ සාප්පු සංකීර්ණයේ සිටි බවට විවිධ තොරතුරු ලැබුණත් ඒවා සත්‍ය නොවූ බවත් ඊයේ(8) දහවල් 10 සිට අද (9) සවස් වනතුරුම කිසිදු තොරතුරක් නැතැයි පවුලේ ප්‍රකාශකයෙකු දන්වා තිබේ.
මේ ගැන විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයටද වාර්තා කළේය.
ඔවුන් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සහ ඥාති සහෝදරියක් බව සඳහන් වේ.
එම අතුරුදන්වීම් සිද්ධිය පිළිබඳව ඔවුන්ගේ දෙමව්පියන් ගෙන් ප්‍රකාශ පොලීසිය විසින් සටහන් කරගෙන තිබේ.
සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වා ඉදිරියේ දී සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන බවද පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.
මොවුන් පිළිබඳ තොරතුරු වෙතොත් දන්වා සිටින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා ඇත.