අමානුෂික ලෙස ඝාතනය කර ගමන් බෑගයක දමා සපුගස්කන්ද ප්‍රදේශයේ කසල ගොඩක දමා තිබියදී හමුවු කාන්තා මළ සිරුරේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, එම පුද්ගලයා ව වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී අත්අඩංගුවට ගත් බවය.
මොහු එම කාන්තාවට මෝල් ගසකින් ගසා පසුව ගෙළ සිරකර ඝාතනය කළ බවට තොරතුරු පරීක්ෂණයේදී එළි විය. අනතුරුව ඔහුටම අයත් ත්‍රීරෝද රථයකින් ගමන් මල්ලේ එබූ සිරුර කසළ ගොඩට ගෙනත් දමා තිබුණි.


මේ අතර එම කාන්තාව පැළඳ සිටි රන් ආභරණ, මුදල්, ඝාතනයට යොදා ගත් යකඩ මෝල් ගහ හා මළ සිරුර රැගෙන ගිය ත්‍රිරෝද රථය ද සොයාගත් බව සපුගස්කන්ද පොලිසිය පවසයි.
මේ ඝාතනය සම්බන්ධව අත් අඩංගුවට ගත් අඹුසැමි යුවළගෙන් ලබා දුන් ප්‍රකාශ මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ඝාතනයට ලක් වු කාන්තාව පැළඳ සිටි රන් මාලයක්, රන් කරාබු ජෝඩුවක් හා රන් මුද්දක් සැකකාරිය විසින් කොළඹ, හෙට්ටිවිදීයේ රන් ආභරණ සාප්පුවකට රුපියල් එක් ලක්ෂ හැටනව දහසකට විකුණා තිබෙන අතර ඒවා ඔවුන් විසින් උණු කර තිබියදී සොයා ගත් බවත් පොලිසිය කියයි.
මීට අමතරව කාන්තාව පැළඳ සිටි තවත් රන් වළල්ලක් හා මුද්දක් සැකකාරිය මට්ටක්කුලිය,

සමිට්පුර ප්‍රදේශයේ කාන්තාවකට දී තිබී සොයා ගෙන ඇත.
සපුගස්කන්දේදී ගමන් බෑගයක තිබී හමුවූ මළසිරුර සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගත් මට්ටක්කුලිය ප‍්‍රදේශයේ අඹු සැමි යුවල මෙම මස 19 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරතග කරන ලෙස අද මහර අධිකරණය නියෝග කළේය.